“අනුමත කරපු පනත යටතේ නඩු පැවරීමත් අද ගැටලුවක් වෙලා” – මනූෂ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසූවේ, සේවකයන් 6 දෙනකු ඇමෝනියා වළකට වැටී මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආයතනයේ හාම්පුතුන්ට නඩු පැවරූ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් හිරේ යවා ඇති බවයි.

එම සිද්ධියට අදාළව චෝදනා ලැබූ හාම්පුතුන් කිසිදු ගැටළුවක් නැතුව නිදැල්ලේ සිටින බවත්, ඇමෝනියා වළකට වැටී සේවකයන් හය දෙනකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩු පැවරීම කළ කම්කරු සහකාර කොමසාරිස්වරයා අත්අඩංගුවට පත්වී සති දෙකක් හිර ගෙදර හිටි බවද මනුෂ නානායක්කාර මහතා සදහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

හය දෙනකු මරපු කර්මාන්තශාලාවේ කිසිවෙකුටත් ප්‍රශ්නයක් නැහැ

හොරණ අධිකරණයේ මෙම නඩුව මුලින්ම පවරපු අවස්ථාවේදී විත්තිකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවයක් ප්‍රතික්ෂේප කිරීම නිසා නඩුකාරවරයා මාරු කර අලූත් නඩුකාර වරයෙකු පැමිණ නඩුව පැත්තකට දැමූවා. ඊට පසු මෙම නඩුව දැම්මෙ ඇයිද කියා විමසමින් නඩු පවරපු අයට නීතිය ක්‍රියාත්මක කරනවා.

සේවකයන්ට අගතියක් කළ හාම්පුතුන්ට නඩු පවරපු කම්කරු දෙපාර්තමේන්තුවේ අයට හිරේ යන්න සිද්ධ වෙලා තියෙනවා. කම්කරුවන් මැරිච්ච එකට වගකිවයුතු හාම්පුතුන්ට නීතිය හමුවේ ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුව අනුමත කරපු පනත යටතේ නඩු පැවරීමත් අද ගැටලුවක් වෙලා”

ලෙස අමාත්‍යවරයා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...