රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09, කොළඹ (LNW):
අද (09) මැතිවරණ කොමිසම හමුවට ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් කැඳවා තිබේ.
අද පෙරවරු 10.00ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. එමෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් ද අද පස්වරු 2.00ට මැතිවරණ කොමිසම හමුවට කැඳවීමට නියමිතව ඇත.