රාජ්‍ය අමාත්‍යවරුන්ට අලුතින් කාර්ය මණ්ඩල නෑ – කැබිනට් ඇමතිගෙන් ෂේප් වෙන්න වෙයි

Date:

ඊයේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා ඇමති කාර්ය මණ්ඩල පත්කර ගැනීම සඳහා අවකාශ නොමැති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු බළධාරීන් වෙත ලිපියකින් දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යංශවල කාර්යයන් ආවරණය කිරීම සඳහා එම රාජ්‍ය අමාත්‍යංශය අයත් කැබිනට් අමාත්‍යංශයේ සිටින ජ්‍යෙෂ්ටතම අතිරේක ලේකම්වරයා පත්කළ යුතු අතර ඔහුට සහාය සඳහා ජ්‍යෙෂ්ට සහකාර ලේකම්වරයෙකු පත්කළ යුතුය.

රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වෙන වැයශීර්ෂයක් වෙන් කිරීමට අදහස් නොකරන බවත්, ඒ ඒ කැබිනට් අමාත්‍යංශයේ සිටින නිළධාරීන්ගෙන් රාජ්‍ය අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය සකස් කරගත යුතු බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් දන්වා සිටිනවා.

මීට අමතරව අනෙකුත් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ඊයේ (09) නිකුත් කළ ‘රාජ්‍ය වියදම් කළමනාකරණ’ මැයෙන් යුක්ත ලිපියේ උපදෙස්වලට අනුව කටයුතු කරන ලෙසද ජනාධිපති ලේකම්වරයා දන්වා සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...