ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් 155 වැනි ශාඛාව නිවිතිගලදී විවෘත කෙරේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් ක්‍රියාත්මක කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ 155 වැනි ශාඛාව සැප්තැම්බර් 01 වනදා විවෘත කෙරිණි.

ඒ, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරවිට ඉසිපතනාරාම විහාරස්ථානයේදී ය.

මහා සංඝරත්නය, ප්‍රදේශයේ ගුරු – විදුහල්පතිවරුන්, පොලිස් නිලධාරීන්, දෙමව්පියන්, සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තවත් ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛා 5ක් පමණ පිහිටුවීමේ කටයුතු මේ දිනවල සිදුකෙරමින් පවතින අතර ඒවාත් නුදුරේදීම විවෘත කෙරෙනු ඇති බවයි ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සඳහන් කළේ.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවෙහි වටිනාකම රුපියල් ලක්ෂ 25 කි. මෙය රැකියා ඉලක්කගත පාඨමාලාවක් වන අතර මෙම පාඨමාලාව හදාරන සිසු සිසුවියන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ වේ. එමෙන්ම ඔවුන්ට මොරටුව, කැළණිය සහ රුහුණ යන විශ්වවිද්‍යාල මගින් පවත්වාගෙන යන පාඨමාලා හදාරමින් වැඩිදුර අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ වරම් ද හිමිවේ.

ඔබේ දරුවාත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන රුපියල් ලක්ෂ 25ක් වටිනා පරිගණක භාෂා පාඨමාලාවට යොමුකිරීම සඳහා ඔබේ ළඟම ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාව සමග සම්බන්ධ වීමට මෙතැනින් යොමුවන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් නිවාඩුව දීර්ඝ වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27,කොළඹ LNW : කලින් සැලසුම් කළ...

උසස් පෙළ උත්තර ගුවනින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ජිවිතයේ අති විශේෂ අධ්‍යාපනික...

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...