*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

නෝනාගේ පමාව බබාලගේ පිටින් යැවීම මැතිවරණ කොමසාරිස්ට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට යන ලකුණු

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 10, (LNW) කොළඹ :

ආගමික සහ අධ්‍යාපන සංස්කෘතියට එරෙහිව බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙල පැවත්වීම සිඳුවෙමින් පවතින බවට බෞද්ධ,සහ ඉස්ලාම් දෙමව්පියන් පිරිසක් ද,එසේම මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසගේ දෙමව්පියෝ පිරිසක් ද අප වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා සිටිති.


ඔවුන් පෙන්වා දෙන්නේ බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරිය පේරු රාජ්‍යයේ පැවති ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වීමේ දී කාන්තා ක්‍රීඩිකාවන් භාර නිලධාරිණිය ලෙස එක් වූ අතර ඒ නිසා මේ ක්‍රීඩා උළෙල කල් ගොස් ඇති බවය.ඇය ශ්‍රී ලංකාවේ එම දිනවල නොසිටි නිසා බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙල ඇය නොමැති දිනවල පැවත්වීමට හැකිවන සේ සෙසු නිලධාරීන්ට බලය පවරා නොයෑමත් නිසා,යම් ප්‍රමාදයක් වුවහොත් ඇය මතට පැවරෙන වැරද්දේ වගකීමෙන් මිදෙන්නට මේ වන විට ඇය කර ඇත්තේ එම වරද ඇති නොවන්නට බස්නාහිර පළාත් සභා බල ප්‍රදේශයන් හී පාසල්වල දරුවන්ට වරදක් කිරීම බව එම පිරිසගේ අදහසය.


මෙම නිලධාරිණියට හිතවත් ඇතැම් අය ජනාධිපතිවරණයට පෙර මෙය පැවත්වීම අත්‍යවශ්‍යය බව පෙන්වීමට උත්සාහ කරන බවක් පෙන්නන්නට උත්සාහ කරන බවක් දැකිය හැකි බව පවසන දෙමව්පියෝ,මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී මැතිවරණය මුවාවෙන් තමන්ගේ දරුවන්ට ඇති දේශපාලන සහ අධයාපන අයිතිය නොසළකා හැර තිබෙන බව මැතිවරණ කොමසාරිස්වරයාට ද,බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ද පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව ද,ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කරුණු පදනම් කරගෙන ආගමික සහ අධ්‍යාපන අයිතියට හානි වන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වීමට තීරණය කර ඇති බවත් පෙන්වා දෙති.
විවිධ වයස් කාණ්ඩවල දරු දැරියන් සහභාගිවන තරගාවලිය පැවත්වීමට යෝජනා වී ඇති දිනවල ජාතික වශයෙන් වැදගත් වන කාර්යයන් කිහිපයක් මඟ හැරෙනු ඇති බව දෙමව්පියන්ගේ අදහසය.සැප්තැම්බර් 15 වන දා ශිෂ්‍යත්ව විභාගය ද,16 වන දා නබිතුමාගේ උත්සව දිනයක්ද යළි 17 බිනර පෝය දිනයද යෙදී ඇත.මෙම දින තුනම ඇතුළත් වෙන ලෙස තරගාවලිය සංවිධානය කිරීමට පියවර ගැනීමෙන් දරුවන්ට විශාල අගතියක් අත්වන බවත්,විශේෂයෙන් පාසල් ක්‍රීඩාව සම්බන්ධ ආයතනයක් ලෙස අධ්‍යාපනික වශයෙන් වැදගත් ශිෂ්‍යත්ව විභාගය ද නොසළකා හැර තිබීම පුදුමය උපදවන ක්‍රියාවක් ලෙසත් එම දෙමව්පියෝ පවසති.


අදාළ නිලධාරිණිය පේරු සංචාරයේ දී ද,තමන් සමඟ ගිය කණ්ඩායම සමඟ සිඳු වූ අතපසුවීම් සහ අනවශ්‍යය ලෙස සැකයට භාජනය වීම් නිසා දින දෙකක කාලයක් ඉස්තාන්බුල් ගුවන් තොටුපළේ කරදරවලට පාත්‍ර වූ බව අපි මීට පෙර ද වාර්තා කළෙමු.එම ප්‍රමාදය නිසා කල්තියා පළමු දිනයේ තරගවලට සහභාගි වීම සඳහා ඉක්මණින් පිටත් කර යැවූ ක්‍රීඩකයින් දෙදෙනා සහ ක්‍රීඩිකාවට තරගාවලියේ පළමු දිනයේ තමන් සහභාගි වූ තරගවලදී ඉහළ දස්කම්වලට පිවිසෙන්නට ද නොහැකි විය.
එම දෙමව්පියන් අප වෙත කරුණු දැක්වීමේ දී එක් මවක් පවසා සිටියේ නෝනාගේ පමාව අපේ බබාලගෙ පිටෙන් යවන එක වැරදි නැද්ද යනුවෙන්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan