සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රට තුළ න්‍යෂ්ටික බලය ඉහල දැමීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට තමා සුදානම් බව ප්‍රකශ කර තිබේ.
ඊයේ(09)දිනයේදී ජනාධිපතිවරයා සම්බන්ධ වූ කොරියාවේ ආරම්භක සංවත්සරය පිළිබඳ දේශනයක් වාර්තා කරමින් එරට රාජ්‍ය මාධ්‍ය KCNA මෙය වාර්තා කර තිබු අතර එක්සත් ජනපදය සහ එහි අනුගාමිකයින් විසින් එල්ල කරන විවිධ තර්ජනවලට මුහුණ දීම සඳහා ශක්තිමත් මිලිටරි පැවැත්මක් අවශ්‍ය බවත්, න්‍යෂ්ටික හැකියාව සහ රාජ්‍යයේ ආරක්ෂක අයිතීන් වඩාත් හොඳින් සංවිධානය කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී සන්ධාන කර තිබිණි.