*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

පාස්පෝට් එකක්වත් දෙන්න බැරි ආණ්ඩුවක් මේක. වහාම මේ සෙල්ලම නතර කරන්න – විජිත

කොළඹ LNW:කල් ඉකුත් වූ පාස්පෝට් අලුත් නොකිරීමෙන් මැතිවරණ සමයේ ලංකාවට පැමිණීමට නොහැකි තත්වයක් ඇති කර තිබෙන බව
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ පරණ වෙබ් අඩවිය විවෘත කර අවශ්‍ය පහසුකම් සලසා නොදී සිටින අතර මේ තත්ත්වය වහාම අවසන් කරන ලෙසයි ඔහු ආණ්ඩුවට අවධාරණය කළේ.

”මේ ආණ්ඩුව අද පුරවැසියන්ට පාස්පෝට් එකක්වත් ලබා දෙන්න බැරි තත්වයකට පත් වෙලා සිටිනවා. එක පැත්තකින් පාස්පෝට් පෝලිම දික් වෙවී තිබෙන අතරේ අනෙක් පැත්තෙන් ලංකාවට එන විදේශිකයන් පවා රස්තියාදු කරමින්, වීසා පෝලිම දික්ගැසී තිබෙනවා. පසුගිය කාලයේ සාමාන්‍ය පාස්පෝට් නිකුත් කිරීම වෙනුවට ‘ඊ-පාස්පෝට්’ සේවය ආණ්ඩුවෙන් හඳුන්වා දීම පිටුපස කොමිස් ගැසීමේ ජාවාරම නිසා සියල්ල අඩපණ කරලා. රනිල් වික්‍රමසිංහගේ හිතවතකු වන ජිත් වර්ණකුලසූරියට අයත් ‘ජස්ට් ඉන් ටයිම්’ සමාගමට මේ සම්බන්ධයෙන් ටෙන්ඩරය ලබා දී තිබුණා. ගිවිස ගත් පරිදි පසුගිය ජුනි මාසයේ සිට ඊ-පාස්පෝට් සේවාව ලබා දෙන්න සමාගම අපොහොසත් වීමෙන් පෝලිමක් ඇති වුණා. රට එපා වී හැර යාමට 3,000ක විතර පිරිසක් දවසකට පාස්පෝට් ගන්න එනවා. නමුත්, ටෙන්ඩර් මගඩියත් එක්ක ‘ඔන්ලයින්’ ක්‍රමයට පාස්පෝට් දෙන්න ආණ්ඩුව තීරණය කළා. ඒ අනුව දවසකට නිකුත් කරන්නේ පාස්පෝට් 250-300 අතර ප්‍රමාණයක් පමණයි. එහෙම තියෙද්දී, ඊ-පාස්පෝට් ලබා දීමේ ටෙන්ඩරය ලබා ගත් සමාගමටම සාමාන්‍ය ක්‍රමයට පාස්පෝට් නිකුත් කිරීමේ අවස්ථාව ලබා දීම වෙනුවෙන් පසුගිය සතියේ දී කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර තිබුණා. මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් කමිටුවක් පත් කර එහි නිර්දේශ මත බව කියමින්, පැරැණි ආකාරයෙන්ම පාස්පෝට් ලබා දෙන්න කැබිනට් අනුමැතිය ඉල්ලා තිබෙනවා. එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙන්නේ පිටු 48ක පාස්පෝට් එකක් ලබා දෙන්නයි. නමුත්, මුල දී තිබුණේ පිටු 64ක පාස්පෝට් එකක්.

මුල දී පාස්පෝට් ලබා දුන් සමාගමෙන් ලක්‍ෂ හතහමාරක් කඩිනමින් ලබා දීමට තීන්දු කර ඇති බව සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා ප්‍රකාශ කළා. නමුත්, කලින් ලබා දුන් සමාගමට ටෙන්ඩරය පිරිනැමුවා නම්, ප්‍රමාදයක් සිදු වන්නේ නැහැ. නමුත්, පිටු 64කට තිබූ පාස්පෝට් එක පිටු 48කට අඩු කිරීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ලෝකයේ රටවල් 192කට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනෑ. ඒ අනුව එම රටවල අනුමැතිය ලබා ගන්න තවත් මාස දෙකක් පමණ ගත වෙනවා. කැබිනට් පත්‍රිකාව අනුව පිටු 48ක පාස්පෝට් එක වෙනුවෙන් ඩොලර් 7.98ක මුදලක් වැය වන බව සඳහන් වෙනවා. රුපියල්වලින් ගත්තොත්, එක් පිටුවකට රුපියල් 31ක් වැය වෙනවා. නමුත්, පෙර තිබුණු මිල ගණන් අනුව වැය වෙන්නේ රුපියල් 5.99යි. දහස් ගණනක් පෝලිම්වල රස්තියාදු වෙන්නේ මේ මගඩිය නිසයි. අද මේ සිදු කරන්නේ රටේ ඉන්න බැරි කර තිබෙන අතර, රටින් පිට වී යන්නත් ඉඩ නොදී හිර කර තිබීමයි. මේ තත්වය වහා වෙනස් කර මෙතෙක් කල් සාමාන්‍ය පාස්පෝට් ලබා දුන් ආකාරයට ඒ ක්‍රමවේදයෙන් ලබා දෙන ලෙස අපි අවධාරණය කරනවා. ඒ අනුව රටවල් 192ක අනුමැතිය අලුතින් ලබා ගන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඇමැතිවරුන්ගේ, ජනාධිපතිවරුන්ගේ හිතවත්කම්වලට ගසාකන්න ඉඩ දීමෙන් ලංකාවට එන්න ඉන්න ලාංකිකයන්ට ඉඩ ලැබෙන්නෙත් නැහැ. විශේෂයෙන්ම මේ මැතිවරණ සමයේ පාස්පෝට් කල් ඉකුත් වූ අයට ඒවා අලුත් කර ගැනීමට නොහැකි වීම නිසා ලංකාවට පැමිණීමට නොහැකි වීමේ තත්වයක් ඇති කර තිබෙනවා. ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ පරණ වෙබ් අඩවිය විවෘත කර අවශ්‍ය පහසුකම් සලසා නොදී සිටිනවා. මේ තත්වය වහාම අවසන් කරන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan