චෙන්නායි නුවර දී ශ්‍රී ලංකා කණ්ඩායමට හරසර

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 10, (LNW) කොළඹ :

දකුණු ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 54 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම චෙන්නායි ගුවන් තොටුපළේ දි මහත් හරසරින් පිළිගැනීමට කටයුතු කර තිබුණා.සැප්තැම්බර් 11 – 13 අතර දින වල පැවත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පුහුණුකරුවන් ද ඇතුළත්ව 10 දෙනෙකුගෙන් යුත් නිලධාරි මණ්ඩලයක් නම් කර තිබෙනවා.


දකුණු ආසියාතික රටවල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන මෙම තරගවලියේ දී ඉන්දියාව හැරුණු විට ඉහළම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි කරන රට ශ්‍රී ලංකාවයි.මේ තරගකරුවන් අතර ඉකුත් දා පේරු රාජ්‍යයේ ලීමා හී පැවති ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සිටින බැවින්,ඉන්දියාවට බලපෑමක් කළ හැකි මට්ටමේ දක්ෂතා දැක්විය හැකි ක්‍රීඩක කණ්ඩායමක් මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව සතුව සිටිනවා.


තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවන තරග ඇතුළත් සම්පූර්ණ කාල සටහනට පහතින් පිවිසිය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...