*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

අපේ මිනිස්සුන්ට ඉතුරු වූණේ ඛේදවාචක විතරයි.දැන් ඒවා වෙනස්වෙන්න ඕනේ!

කොළඹ LNW:අපේ මිනිස්සු ජීවත් වෙන්න මහ පොළවත් එක්ක පොරබදින කොට මේ රටේ පාලකයෝ මෙච්චර කාලයක් කළේ උඩ ඉගෙන මහා භාණ්ඩාගාරය තියෙන හැම සතයක්ම හොප්‍රකම් අක්රන්න සැලසුම් කිරීම බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (09) තඹුත්තේගම දී පැවති මහජන රැළිය අමතමිනි.

” මේ වේදිකාවේ ඉන්න කිසිකෙනෙක් පෞද්ගලිකව යමක් උපයා ගැනීමේ අරමුණින් දේශපාලන නොකළ මිනිස්සු. අපි අධ්‍යාපනය හදාරලා, විශ්ව විද්‍යාලවලට ගිහිල්ල, රැකියාවන් කරලා, පෞද්ගලික සුඛ විහරණය සඳහා ජිවිතයක් ගත කළ නැති අය. පෞද්ගලිකව ජීවිතයේ සුඛ විහරණය ගැන පමණක් කල්පනා කළා නම් ඕනෑතරම් පරාවල් අපිට තිබුණා. අධ්‍යාපනය පැත්තෙනුත් පාරවල් තිබුණා. දේශපාලනය පැත්තෙනුත් පාරවල් තිබුණා. හැබැයි අපට යුක්ති සහගත අයිතියක් නැහැ තමන්ගේ පෞද්ගලික පටු වුවමනාවක් වෙනුවෙන් මේ රට ගලවා ගැනීමේ සද් චේතනාව අතහරින්න. එය අපි අත්හරින්නේ නැහැ. මේ ඈත ගම්වල මිනිස්සු මොනතරම් දුප්පත්භාවයක වෙලිලා තිබෙනවද?අපි අපේ ඥාතින් දුප්පත්භාවයේ හිරවෙලා ඉන්න හැටි දකිලා තියෙනවා. අපි අපේ මිතුරන් මේ දුප්පත්කමේ ගිලටිනයෙන් ජීවිතය නැති වුණ ආකාරය දැකල තියෙනවා. අපේ ගමේ මිනිස්සු මොනතරම් ඛේදවාචක ජීවිත ගතකරලා තියෙනවා කියල දැකල තියෙනවා. මහා විශාල බලාපොරොත්තු සහිතව හදපු තමන්ගේ දරුවා නිසි අධ්‍යාපනයක් නැතුව කාලකන්නි වුණ හැටි අපි දකල තියෙනවා. 90 අග 2000 මුලවගේ මේ ගම්වල මිනිස්සුන්ට එකම උත්තරය වෙලා තිබුණේ බිරිඳ රට යවන එක. තමන්ගේ දරුවෝ,ස්වාමියා අම්මා,තාත්තා දාලා කොච්චර විදෙස් ගත වුණාද? ඒ පවුල්වලට මොනතරම් නම් විනාශයන් සිදුවුණාද? දරුවට හරිහමන් අධ්‍යාපනයක් නැතුව විනාශ වුණා. පවුල් සී සී කඩ විනාශ වුණා. අපේ අම්මලා, අක්කලා අනේක විද දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දුන්නා. අපි ඒවා ඇහුවා. අපි ඒවා දැක්කා. අපේ මිනිසුන්ට ඉතුරු වුණේ ඛේදවාචක. ඉපදෙනවා. ඔය මොනවා හරි කරනවා ඔහේ මැරිලා යනවා. එහෙම ජීවිතද උරුම වෙන්න ඕනේ අපිට? නෑ. අපේ හැම මිනිහෙකුටම ජීවිත කාලේ සතුටින් ඉන්න, හොද ආහාර වේලක්, නිරෝගී සම්පන්න ජීවිතයක්,විනෝදය,සතුට,සහිත ජීවිතයක් ඕන නැද්ද?ඒ ජීවිතය උරුම ඒ පැලැන්තියට විතරද? ඔබ ඇතිවෙනකම් මේ මහ පොලවත් එක්ක පොර බදනවා. යල මහ දෙකන්නය කරන්න,වගාව ආරක්ෂා කරන්න,නෙළපු අස්වැන්න විකුණගන්න කොච්චර දුක්විදිනවද? හැබැයි ඒගොල්ලෝ උඩ ඉදගෙන මහා භාණ්ඩාගාරයේ තියෙන හැම සතයක්ම හොරකම් කරන්නේ කොහොමද පිල්ලි ගහන්නේ කොහොමද කියල කල්පනා කරනවා. තමුන්නාන්සේලා ගෙයක් හදා ගන්න කොච්චර දුක් විදිනවද? අත්තිවාරම දාලා කොච්චර කාලයක් තියනවද?බිත්ති නග්ගල කොච්චර කාලයක් තියෙනවද? වහලේ ගහල කොච්චර කාලයක් තියෙනවද? ඒගොල්ලෝ එහෙම නෙවෙයි එක ඩිල් එකෙන් අපාර්ට්මන්ට් ගන්නේ. එක ගණුදෙනුවෙන් ඩුබායි වල ගෙවල් ගන්නේ. එක ගණුදෙනුවෙන් එංගලන්තේ ගෙවල් ගන්නේ.

මම ඔය පාර්ලිමේන්තුවේ අවුරුදු 24. ඔය හැමකෙනෙක්ම ඇසුරු කරලා තියෙනවා. හැම කෙනෙකුගේම තරාතිරම දන්නවා. ඔය මිනිස්සු මොනතරම් පටු පරමාර්ථයෙන් පෙළෙනවද කියල මම දන්නවා. ඔවුන් හැම දෙයක් දිහාම බලන්නේ තමන්ට කොමිස් මුදලක් ගන්න පුළුවන්ද කියන තැනින්. ජනතාවට වලකපමින් ඒගොල්ලෝ ඔවුන්ගේ අනාගතයට පාර කපා ගන්නවා. එදා තැපැල් නයින්ටියෙන් කැන්වසින් ගිය අය හගුරන්කෙත මන්දිර හදා ගන්න විදිහ,නාවල මහා මන්දිර අහ්දාගන්න විදිහ අපි ඇස්වලින් දැක්කා.” යනුවෙන් අනුර දිසානායක මහතා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan