වතුකර ජනතාව ජනපති රනිල්ට කළගුණ සැලකීමට එක මිටකට එක් වී සිටිනවා – වඩිවේල් සුරේෂ්

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ (LNW):

ඉදිරි ජනාධිපතිවරණයේ දී වතුකර ප්‍රජාවගේ ඡන්ද 99.99% ක්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වන බවත්, ඒ හැර වතුකරය තුළ වෙනත් තීන්දුවක් නොමැති බවත් කම්කරු රා‍ජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පවසයි. ඒ අද (10) කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වතුකර ජනතාවට ඡන්ද අයිතිය හිමි කර දුන්නේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා ඒ වෙනුවෙන් දිස්ත්‍රික් 10ක විසිරී සිටින වතුකර ජනතාව කළගුණ සැලකීමට එක මිටකට එක් වී සිටින බවද සඳහන් කළේය.

මේ රටට අවශ්‍ය වන්නේ ජාතිවාදී නොවන නායකයෙක් බවද සඳහන් කළ ඒ මහතා පරිණත, බුද්ධිමත්, දුරදක්නා නුවණින් යුත් ලෝකයම පිළිගත් නායකයකු වන රනිල් වික්‍රමසිංහ මහතා ජාතිවාදියකු නොවන බවද අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...