බැකෝ සමන් සහ තැඹිලි ලහිරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ පාතාල නායකයින් පස්දෙනා අතරින් දෙදෙනෙකු වන ලහිරු මධුෂාන් නොහොත් තැඹිලි ලහිරු නමැත්තා සහ නිර්මල ප්‍රසංග නොහොත් බැකෝ සමන් නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත කොළඹ වරාය පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන පිළිබඳ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂද මිගාර මහරච්චි මහතා වෙත මෙම දැනුම්දීම සිදුකර ඇත.

ආරක්ෂක හේතූන් මත ඔවුන්ව වරාය පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කරමින් පවතින බවත් ඔවුන්ට නිකුත් කර ඇති දින 90ක රැඳවුම් නියෝගය අනුව එම රැඳවුම් කාලය දෙසැම්බර් 02 වනදා අවසන් වීමට නියමිත බවත් පොලීසිය දැනුම් දී තිබේ.

ඒ අනුව විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් 10 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසයි මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියම කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...