ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් ප්‍රහාර එල්ල කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09) දිනයේදී කටාර් රාජ්‍යයේ අගනුවරට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් තම සාමාජිකයින් පස් දෙනෙකු මිය ගිය බව පලස්තීන සන්නද්ධ කණ්ඩායමක් වන හමාස් නිවේදනය කර තිබේ.

හමාස් සංවිධානයට අනුව, දෝහා හි නේවාසික පරිශ්‍රයක ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා වූ නවතම ඇමරිකානු යෝජනාව සාකච්ඡා කිරීම සඳහා කණ්ඩායම රැස්වූ අවස්තාවක මෙම ප්‍රහාරය එල්ල වී ඇති අත්රා ඛලීල් අල්-හයියාගේ පුත් හුමාම් සහ හයියාගේ කාර්යාලයේ අධ්‍යක්ෂ ජිහාඩ් ලාබාඩ් ඇතුළු සාමාජිකයින් පස් දෙනෙකු මෙලෙස මියගොස් ඇත.

මෙහෙයුමට ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා 15 ක් සම්බන්ධ ව ඇති අතර තත්පර කිහිපයක් ඇතුළත එක් ඉලක්කයකට පතොරම් 10 ක් වෙඩි තැබූ බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබු අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර තිබුණේ, ගාසා යුද්ධයට හේතු වූ 2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සංවිධානය කළ ජ්‍යෙෂ්ඨ හමාස් නායකයින් ඉලක්ක කරගත් ප්‍රහාරයක් නිසා ප්‍රහාරය සම්පූර්ණයෙන්ම යුක්ති සහගත බවයි.

කටාර් රාජ්‍ය මෙම ප්‍රහාරය හෙළා දුටු අතර, එය බියගුලු සහ ජාත්‍යන්තර නීතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වා ඇති අතර ගල්ෆ් රජයන් මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දැක ඇත.

කෙසේ නමුත්, කටාර් යනු ප්‍රධාන ඇමරිකානු ගුවන් කඳවුරක් පිහිටා ඇති කලාපයේ ප්‍රධාන එක්සත් ජනපද සගයෙකු වූ නමුත්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සිදුවීම අවාසනාවන්ත ප්‍රහාරයක් වූ නමුත්, හමාස් තුරන් කිරීමට වටිනා ඉලක්කයක් ලෙස සඳහන් කර තිබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...