ආකාශ්ගේ දඟ කැවීමේ තර්ජණය මැද කොදෙව්වෝ ඉස්සර වෙති…

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 10, කොළඹ LNW:

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ කොදෙව් අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර පැවත්වෙන එක්දින තරගාවලියේ පෙරමුණ ගැනීමට කොදෙව් තරුණයන් සමත් වෙනවා.ඒ අනුව තරග 7 ක් ඇතුළත් මේ තරගාවලියේ තරග 5 ක් නිමාවන විට 3-2 ක් ලෙස පෙරමුණ ගන්නට කොදෙව් ක්‍රීඩකයන් සමත් වන්නේ මේ තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගැනීමටනම් ඉතිරි තරග දෙකම ජය ගත යුතු තැනකට ඇද දමමින්.
මේ තරගයේදී කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී ශ්‍රී ලංකා පිතිකරුවෝ හොඳ ලකුණු පූවරුවක් නිර්මාණය කිරීමට අසමත් වූහ.වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 38 ක් ලැබූ ඩිමන්ත මහවිතාන ය.චාමික හීනටිගල 36 ක් ලැබූ අතර කවිජ ගමගේ ගේ දායකත්වය ලකුණු 22 ක් විය.


සිව්වන තරගය ලංකාවේ උඳුරා ගත් සකුවාන් බෙල්ලේ ලකුණු 43 කඩුලු 3 ක් ලබද්දී,ආඩියන් රාචා ලකුණු 37 ට කඩුලු 3 ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉණිම අඩ පණ කිරීමට මුල් වූහ.පිළිතුරු ඉණිම වෙනුවෙන් කොදෙව් පිතිකරුවන් කඩුලු 2 ක් දැවෙන විට ලකුණු පූවරුව ලකුණු 104 ක් දක්වා ඉහළට ඔසවා ගත්තේ එර්ෂිනො ෆොන්ටේන් (48) සහ මිකා ග්‍රින්ජ් (40) දායකත්වය හේතුවෙන්ය.එහෙත් මෙම තරගාවලිය තුළ කොදෙව්වන් දඟ කවන විග්නේෂ්වරන් ආකාශ්ගේ සම්ප්‍රාප්තියත් සමඟ සියල්ල වෙනස් වන්නට විය.ලකුණු 145 ක් වන විට කඩුලු 8 ක් ම කොදෙව්වන්ට අහිමිව තිබිණ.


එහෙත් අංක 7 පිතිකරු ජොනතන් වැන් ලෑන්ජ් නොදැවී ලකුණු 24 ක් ලබමින් සහ අංක 10 පිතිකරු ඒඩියන් රාචා නොදැවී ලකුණු 17 ක් ලබමින් ශ්‍රී ලංකාව දෙසට හැරි තිබුණ තරගය නැවත පැහැර ගත්හ.48 වන ඕවරයෙ සිවිවන පන්දුවේදී රසිත් නිම්සර ට එරෙහිව ලකුණු දෙකක් ලබා ගනිමින් ජය සහතික කර ග්නට කොදෙව්වන්ට හැකි විය.
මේ තරගයේදී ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුුතු කල සෙත්මික සෙනවිරත්න නැවත පන්දු යැවීමට කැඳ වූයේ නැත්තේ ඇයි ද යන්න ගැටළුකාරී තත්ත්වයක් වන අතර ඔහුට එරෙහිව ලකුණු ලබා ගැනීමේ දුෂ්කරතාවයක් පෙන් වූ කොදෙව් පිතිකරුවන් එයින් වඩාත් පිඩාකාරී තැනකට තල්ලු කරන්නට තිබිණ.සෙත්මික සිය පන්දු වාර 5 තුළ ලකුණු 12 ක් පමණක් ලබා දී තිබයදී යළිත් ඔහු කැදවීමට නායකයා විසින් තීරණය නොකළේ මන්ද යන්න ගැටළුකාරී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...