ගෙයක් නෑ කියන්නේ එච්චරකල් තියාගෙන ආපු ස්ටේටස්වලට මොකද වෙන්නේ? දයාසිරිගේ ප්‍රශ්නය!

Date:

කොළඹ LNW: ජනාධිපතිවරයෙක් විශ්‍රාම ගිය පසු ඔහුට ඉන්න නිවසක් නොමැති වීමෙන් එතෙක් ඔහු පවත්වාගෙන ආ ස්ටේටස් නැති වෙන බව සමඟි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

ඒ, හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ( අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත සම්බන්ධ දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

හිටපු ජනාධිපතිවරයෙක්ගේ නිවසකට රජය දරන වියදමද එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.

”ජනාධිපතිවරයෙක්ට අනාගතයේ ඉන්න ගෙදරක් නැතිවුණාම මොකද වෙන්නේ. ඔහුව බලාගන්න විදිහක් නැතිවුණාම මොකද වෙන්නේ. ඔහි හිටපු ස්ටේටස් එකක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ. එයා බලනවා ජනාධිපතිකමේ ඉන්න ගමන් අනාගතේ තමන්ගේ කටයුතු හදා ගන්න බිස්නස්කාරයෙකුට, යාලුවෙකුට කතා කරනවා. ඒ ගෞරවය තියන් තමයි රජය ඒ වගකීම භාරදෙන්නේ. ඔයා මොනතරම් වැඩකලත් කමක් නෑ ඔය මැරෙනකම් බලාගන්නවා. මොකක්ද මේකට යන වියදම. මුළු දළ ජාතික නිෂ්පාදිතයෙන් 0.00119යි.එතකොට රෙවනියු එකෙන් වියදම 0.00874. මේක තමයි මේ කතා කරන්නේ. ඇයි මේ? මේ කළේ වෛරයක් ඇතිකළා මිනිස්සු තුළ.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...