වනිඳුට අවසාන තරගයේදී කඩුලු ත්‍රිත්වයකට අවස්ථාව

Date:

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවත්වෙන ආසියානු කුසලාන අවසාන මහ තරගයේදී වනිඳු හසරංගට කඩුලු ත්‍රිත්වයකට අවස්ථාව ඇත.ඒ අවසාන තරගයට පෙර පකිස්තානය සමඟ පැවති තරගයේ දී ඔහු පන්දු යැවීම නිමා කළේ,ඔහු විසින් යවන ලද අවසාන පන්දු දෙකට කඩුලු ලබා ගනිමින් නිසාය.

එකම තරගාවලිය වීම නිසාත්,එකම කණ්ඩායමට එරෙහිව වීම නිසාත් වනිඳුට මෙම අවස්ථාවට ඉඩ හිමි වෙයි.ජාත්‍යන්තර 20/20 තරග පිටියේ සිටින විශිෂ්ඨම පන්දු යවන්නෙක් හැටියට වර්ථමානයේ පිළිගැනෙන වනිඳු මෙම තරගාවලියේ කඩුලු ලබා ගැනීමේ යම් පසු බැස්මක් පෙන්නුවද,අවසාන තරගයට පෙර පකිස්තානයට එරෙහිව දක්ෂතා අතරට එමින් ලකුණු 21 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත්විය.ඒ අනුව ඔහු මේ දක්වා පැවති තරග සමඟ සළකද්දී ඩිල්ෂාන් මධුශංක සමඟ කඩුලු 6 ක එකතුවක් ලබා ගෙන,තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියාගේ සමතැන් දිනා ගන්නට සමත්ව ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා–සවුදි අරාබියානු ව්‍යාපාරික කවුන්සිලය ඇරඹේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකා වාණිජ...

සීතාවක සභාව පිහිටුවීම: සර්වජන බලයේ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද...

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...