බ්‍රසීල මහ මැතිවරණ උණුසුම: වාමාංශිකයන් මර්දනය කිරීමේ වෑයමක සිටින බවට බොල්සනාරෝට චෝදනා!

Date:

මේ දින වල බ්‍රසීලයේ එළඹෙන මැතිවරණය හමුවේ දේශපාලන පිටිය උණුසුම් වී තිබේ. එය හුදෙකලා මැතිවරණයක් නොවන අතර, බ්‍රසීලයේ දේශපාලන මාවත තීරණාත්මක මඟගට හැරවීමට හේතුවන මහ මැතිවරණයක් බව සඳහන්.

මේ අතර, බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනපති ජායිර් බොල්සනාරෝ ගේ පාක්ෂිකයකු ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින එරට වාමාංශික දේශපාලනයේ නියැලෙන හිටපු ජනපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වාගේ පාක්ෂිකයකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මෙම ඝාතනය සිදුකර තිබෙන්නේ, බ්‍රසීලයේ බටහිර-මධ්‍යම ප්‍රාන්තයේ මේටෝ ග්‍රොසෝ හි බොල්සනාරෝ සහ ලුලා ද සිල්වා අපේක්ෂකයන් දෙදෙනාට සහාය පළකිරීමේ ව්‍යාපාර දෙකක් අතරතුර ඇතිවූ බහින්බස් වීමකදී ය. මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයකු වන අතර, ඝාතනය සිදුකළ පුද්ගලයා 24 හැවිරිදි තරුණයෙකි. ඔහු අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව වරදට පාපොච්ඡාරණය කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් හිටපු ජනපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා ප්‍රකාශ කර සිටියේ බොල්සනාරෝ ඉතා වෛරී සහගත අන්දමින් සිය මැතිවරණ ප්‍රතිපාක්ෂිකයන් මර්දනය කිරීමේ ක්‍රියාන්විතයක නිරත වී සිටින බවත්, මෙම ඝාතනය ඊට ආසන්නතම සිදුවීම බවත් ය.

මේ අතර, මෙම සිදුවීම තරයේ හෙළාදකිමින් හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සංවිධානයේ උතුරු සහ දකුණු ඇමරිකානු (ඇමරිකාස්) අධ්‍යක්ෂ ජුවනිතා ගෝබර්ටුස් එස්ට්‍රාඩා ප්‍රකාශ කර සිටියේ, සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට බ්‍රසීලයට හැකියාව තිබිය යුතු බවත්, ප්‍රචණ්ඩත්වයට හෝ ඔවුන්ගේ අදහස්වලට පළිගැනීම්වලට බියෙන් තොරව දේශපාලන සාකච්ඡාවල නිරත වීමට ඔවුනට අයිතිය තිබිය යුතු බවත් ය.

මීට මාස දෙකකට ඉහත දී මේ හා සමානවම බන්ධනාගාර නිලධාරියකු විසින් බොල්සනාරෝ ගේ නම සඳහන් කරමින් කෑ ගසමින් ලුලා ද සිල්වාගේ කම්කරු පක්ෂ නියෝජිතයකු වෙඩි තබා ඝාතනය කරන ලදී.

බොල්සනාරෝ තම ජයග්‍රහණය තහවුරු කිරීමට ඉතා බලවත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් රැගෙන යන අතර, මෙම ව්‍යාපාරය අතරතුර වාමාංශික මතධාරී ලුලා ද සිල්වාට පක්ෂපාතී ව්‍යාපාර මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් වෙනම ක්‍රියාත්මක වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දේශපාලනික වශයෙන් අන්ත දක්ෂිණාංශික සංස්කෘතියක් නිර්මාණය කරමින් සිටින බොල්සනාරෝ ප්‍රමුඛ රජය බ්‍රසීලයේ ඉතා ප්‍රජාතන්ත්‍රවාදී සහ ඉලෙක්ට්‍රොනික අන්දමින් ක්‍රියාත්මක වන මැතිවරණවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය දෝශ සහිත බවත්, එය වංචනික අන්දමින් ප්‍රතිපාක්ෂිකයන්ට සහාය පළකරන අන්දමේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන බවත් චෝදනා කර සිටියි. තමාට අවාසිදායකවන සෑම මැතිවරණ ප්‍රතිඵලයක්ම වංචනික ක්‍රමවලින් ලබාගත් මැතිවරණ ප්‍රතිඵල බවට මතයක් නිර්මාණය කිරීමට බොල්සනාරෝ උත්සුක වන අතර, කිසිවිටක පරාජය භාර ගැනීමට තමා සූදානම් නොමැති බව ද සිය ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටියි.

කෙසේවෙතත්, බොල්සනාරෝ ගේ මෙම චෝදනා කිසිවක් මෙතෙක් ඔප්පු කර නැත.

බ්‍රසීල මහ මැතිවරණය එළඹෙන ඔක්තෝබර් 02 වන දින පැවැත්වීමට නියමිත ය.

ඡායාරූප: ඇසෝසියේටඩ් ප්‍රෙස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලය බබලවන ඔස්ට්‍රේලියානු ආග්‍රාණ්ඩුකාරවරිය

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: අපට නුහුරු බලය ඉදිරියේ සරල...

ලංකාවේ බොක්සිංවල මේ මොහොතේ වටිනාම දේ මිහිරාන් රැක ගැනීමය.

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා සහ...

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණ සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර දී!

කොළඹ LNW:සංචාරක ආරක්ෂණය සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර නගරය...

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW : අද දිනය...