වෙල්ගමගේ පක්ෂයේ ගම්පහ නායකයා චන්ද්‍රිකා – අත්තනගල්ල ආසනය විමුක්තිට

Date:

කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති නව ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයන් සහ ආසන සංවිධායකවරුන් පත් කිරීම ආරම්භ කර තිබෙනවා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුවන බවයි කුමාර වෙල්ගම මහතා පවසන්නේ.

ගම්පහ දිස්ත්‍රික්ක‌යේ නායකත්වය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දරන බවත්, කොළඹ දිස්ත්‍රික්කයේ නායකයා ලෙස ජීවන් කුමාරතුංග මහතා කටයුතු කරන බවත් වෙල්ගම මහතා පවසනවා. ජීවන් කුමාරතුංග මහතා පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙසද කටයුතු කරයි.

මේ අතර හිටපු ජනාධිපතිනියගේ පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග මහතා අත්තනගල්ල ආසන සංවිධායකවරයා ලෙස පත් කිරීමට සූදානම් බවද කුමාර වෙල්ගම මහතා සඳහන් කරනවා. මීට පෙර අවස්ථා කිහිපයකදී විමුක්ති කුමාරතුංග මහතා ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන බවට පුවත් වාර්තා වූ නමුත් දේශපාලනයට පැමිණීමට කිසිදු අදහසක් නොමැති බව ඔහු පවසා තිබිණි. හිටපු ජනාධිපතිනියද පවසන්නේ තම පුත්‍රයා දේශපාලනයෙන් හැකිතරම් ඈත්ව සිටීම තම කැමැත්ත බවයි.

දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද තම පක්ෂයට එකතුවීමට කැමැත්තෙන් සිටින බව කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොහාන් විතරමද නරුම, ජනතාව නරුම නැද්ද ?

රාජපක්ෂ යුගයේ පැවති මැතිවරණවලින් ඉහලින්ම ලකුණු ගත්තෙ ලොහාන්ලා. ඒකට හේතුව...

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...