බුද්ධි තොරතුරු ලැබී තිබියදී මැයි 09 කලහකාරී සිදුවීම් වළක්වා ගැනීමට අසමත් වෙලා – කමිටු වාර්තාවෙන් හෙලි වෙයි

Date:

මැයි 09 වැනිදා රටපුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වළක්වා ගැනීමට අසමත් වීම පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවල බරපතල අඩුපාඩුවක් බව හෙලිදරව් වී තිබෙනවා.

අදාල සිදුවීම් පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුව නිකුත් කළ වාර්තාවේ මේ බව සඳහන් වේ. මෙකී වාර්තාව පසුගිය 08 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතට පත්කර තිබේ.

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක සහ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක යන මහත්වරුන්ය.

මාර්තු 31 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවසට පහරදීම හා මැයි 09 වැනිදා කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලබා දී තිබූ නමුත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බවයි එම කමිටුව පවසන්නේ. අරගලකරුවන් පාලනය කිරීම සඳහා ඉහළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබූ නමුත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අදාලව එම නිළධාරීන් සිය පහළ නිළධාරීන් වෙත නියෝග නිකුත් කර නොමැති බව නිරීක්ෂණය වී තිබේ.

පොලිස් හා හමුදා බුද්ධි නිළධාරීන්ගේ සාක්ෂි පදනම් කර ගනිමින් මෙම වාර්තාව සකස් කර ඇති අතර ප්‍රධාන වශයෙන් බරපතල අඩුපාඩු 03 ක් පිළිබඳව කමිටුව වාර්තා කරයි.

බැටන් පොලු භාවිතය, අහසට වෙඩි තැබීම, දණහිසට පහළින් වෙඩි තැබීම වැනි නියෝග ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ඇති නොකැමැත්ත, බුද්ධි අංශ අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හා ආරක්ෂක අංශ අතර මෙහෙයුම් සම්බන්ධීකරණය නිසි පරිදි සිදු නොවීම ඉතා බරපතල අඩුපාඩු බවයි කමිටුව පවසන්නේ.

පසුගිය කාලයේදී රතුපස්වල සිදුවීම වැනි සිදුවීම්වලට සම්බන්ධ ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව නඩු පැවරීම, ජගත් මානව හිමිකම් කවුන්සිලය වැනි ජාත්‍යන්තර සංවිධාන හමුවේ මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව පියවර ගැනීම වැනි විවිධ හේතු නිසා ආරක්ෂක අංශ සාමාජිකයන්, සිවිල් ගැටුම්වලදී අවශ්‍ය පියවර ගැනීමට ආරක්ෂක අංශ සාමාජිකයන් මැලි වන බවද කමිටුව පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...