රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ LNW :
ශ්රී ලංකාව සඳහා වන ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) දූත මණ්ඩල ප්රධානී ඊවන් පැපජෝර්ජියෝ (Evan Papageorgiou) ගේ ප්රධානත්වයෙන් යුත් විශේෂ නිලධාරී කණ්ඩායමක් අද දිනයේ මෙරටට පැමිණීමට නියමිතය.
මෙම කණ්ඩායම සැප්තැම්බර් 23 වන දින දක්වා දින 14ක කාලයක් ශ්රී ලංකාවේ රැඳී සිටීමට නියමිතව ඇත.
විස්තීරණ අරමුදල් පහසුකම (Extended Fund Facility) යටතේ ක්රියාත්මක වන ශ්රී ලංකාවේ ආර්ථික ප්රතිසංස්කරණ වැඩසටහනට අදාළ හත්වන සමාලෝචනය සිදු කිරීම මෙම සංචාරයේ ප්රධාන අරමුණයි.
මෙම සංචාරය අතරතුරදී, ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් රජයේ ජ්යෙෂ්ඨ නිලධාරීන්, මහ බැංකු නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් හමුවීමට ද නියමිතය.
ශ්රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ආර්ථික වර්ධනයට අදාළ ප්රතිසංස්කරණ සහ රටේ ප්රතිසංස්කරණ වැඩසටහනේ ඉදිරි පියවරයන් පිළිබඳව මෙම සාකච්ඡා වලදී අවධානය යොමු කෙරෙනු ඇත.


