රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ LNW :
නිල සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක අමාත්ය රාජ්නාත් සිං මහතා, සිය සංචාරය අවසන් කරමින් අද (10) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
පිටත්ව යාමට පෙර, ඉන්දීය ආරක්ෂක අමාත්යවරයා අද (10) උදෑසන නුවරඑළියේ පිහිටි සීතා අම්මාන් කෝවිලේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්යාංශය පවසයි.
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ගැඹුරු ඓතිහාසික සබඳතා, විශේෂයෙන්ම රාමායණය වැනි පුරාණ ජනප්රවාද හා බැඳුණු පොදු සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව විදේශ කටයුතු අමාත්යාංශයේ ජාත්යන්තර ආරක්ෂක සහයෝගීතා සහ මහජන රාජ්යතාන්ත්රික කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් තුෂාර රොද්රිගෝ මහතා පැවසීය.
නුවරඑළිය සංචාරය අතරතුර, ඉන්දීය ආරක්ෂක අමාත්යවරයා ශ්රී ලංකාවේ වතුකරයේ ජීවත් වන ඉන්දීය සම්භවයක් සහිත ප්රජාවේ සාමාජිකයන් ද හමුවීමට නියමිතය.


