වසර හයක සිරදඬුවමට අදාළව ඥානසාර හිමිට ලැබුණු ජනාධිපති සමාව බලරහිත කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වසර හයක සිරදඬුවම් නියම වී සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ, අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ඒවායේ තීන්දුව අද (10) ප්‍රකාශයට පත්කරමිනි.

2016 වසරේ ජනවාරි මස මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ භූමිය තුළ කලහාකාරී ආකාරයෙන් හැසිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම සම්බන්ධයෙන් එවකට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පැවැත්වුණු නඩු විභාගයකදී වැරදිකරු වශයෙන් තීන්දු වූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට 2018 වසරේදී අභියාචනාධිකරණය විසින් වසර හයක සිරදඬුවමක් නියම කළ අතර එවකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පසුව එහිමියන්ව පොදු සමාවක් මත නිදහස් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...

Taavi ලක්මව රනින් සරසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ නැගී...