ආසියානු ක්‍රීඩා උළෙල: කටාර් පැසිපන්දු කණ්ඩායමට විශිෂ්ට ජයක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ LNW :

ජපානයේ නගෝයාහි පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙල ආරම්භ කරමින් පැවැත්වූ පිරිමි පැසපන්දු තරගයකින් ඉරානය පරදා කටාර් රාජ්‍යය ජයග්‍රහණය කර තිබේ.

මෙම ක්‍රීඩා උළෙලේ නිල සමාරම්භක උත්සවය සැප්තැම්බර් 19 වන දින පැවැත්වීමට නියමිත වුවද, පැසපන්දු සහ පාපන්දු වැනි ප්‍රධාන ක්‍රීඩා කිහිපයක් ඊට පෙර සිටම ක්‍රියාත්මක වේ.

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයන් සහ නිලධාරීන් 17,000කට අධික පිරිසක් සහභාගී වන අතර, එය 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් ලෙසද වැදගත් වේ.

මෑතකදී ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ක්‍රීඩකයන් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට පවා සිදු වූ අතර, අයහපත් කාලගුණය තරගාවලියට යම් බාධාවක් එල්ල කර ඇත.

විවිධ රටවල තරුණ දක්ෂතා රැසක් මෙවර ප්‍රදර්ශනය වන අතර, මෙය 1994 වසරෙන් පසුව ජපානය සත්කාරකත්වය දරන පළමු ආසියානු ක්‍රීඩා උළෙලයි.

පවතින අභියෝග මධ්‍යයේ වුවද, ඉතා සාර්ථක හා උද්යෝගිමත් ක්‍රීඩා සැණකෙළියක් පවත්වා අවසන් කිරීම සංවිධායකයන්ගේ ප්‍රධාන අරමුණ වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...