කොළඹ වරායේ අයිස් කන්ටේනර් දෙකේ විමර්ශන ගැන පොලිස්පතිගෙන් සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කතා දෙකක් ??

පසුගිය 31 වනදා කොළඹ වරාය පරිශ්‍රයේ අංගනයක තිබූ කන්රේනර් දෙකකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 463ක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් වටළා අත් අඩංගුවට ගනු ලැබූ අතර එහි ඉදිරි විමර්ශන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට (Police Narcotics Bureau) පවරා තිබිණි.

පොලිස් පණිවිඩයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා සැප්තැම්බර් 04 වනදා නියම කර තිබුණේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙසේ මෙහි ඉදිරි විමර්ශන වහාම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට තමන් විසින් පවරන බවත් නියෝජ්‍ය පොලිස්පති / මත්ද්‍රව්‍ය දිසාවගේ සෘජු අධීක්ෂණය යටතේ ඉදිරි විමර්ශන සිදුකළ යුතු අතර සැප්තැම්බර් 15 වනදාට පෙර විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද තමන්ට ලබාදිය යුතු බවත් ය.

එසේම නියෝජ්‍ය පොලිස්පති / මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඉහත වැටළීමට අදාළ විමර්ශන වාර්තා ඇතුළත් ගොනුවක් සකස් කර නියෝජ්‍ය පොලිස්පති / මත්ද්‍රව්‍ය දිසාව වෙත නොපමාව ලබාදිය යුතු බවත් පොලිස්පතිවරයා නියම කර ඇති අතර උක්ත වැටළීමට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකෙරෙන විමර්ශන අඛණ්ඩව සිදුකර අදාළ මත්ද්‍රව්‍ය ජාලයන් හඳුනාගැනීමටත් ඒවා මැඩපැවැත්වීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමත් පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබිණි.

කෙසේවෙතත් අද (10) දිනයේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කර ඇති නිවේදනයකින් දැක්වෙන්නේ අදාළ අයිස් මත්ද්‍රව්‍ය කන්ටේනර් දෙක පිළිබඳ විමර්ශන තවමත් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකෙරෙන බවකි.

එම විමර්ශනයට අදාළව යම් යම් අඩුපාඩු සහ පැහැර හැරීම් නිරීක්ෂණය වී ඇති බැවින්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් ආරම්භ කර තිබෙන නමුත් එම අභ්‍යන්තර විමර්ශනය මත්ද්‍රව්‍ය සමඟ පොලිස් භාරයට ගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සිදුකරන විමර්ශනයට කිසිදු බාධාවක් නොවන බවත් එම විමර්ශන කටයුතු ඉතා විනිවිදභාවයකින් යුතුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකෙරෙන පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිවේදනයෙන් දැක්වේ.

පොලිස්පතිවරයාගේ නියෝගය සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...