පොහොට්ටුව පිටේ යන්න හදපු අලි ප්ලෑන් කොටඋඩ ලු !

Date:

පොහොට්ටුවේ සහායෙන් ඊළඟ වතාවේ බලය ගන්න යූඑන්පී එක ලොකුවටම බලාපොරොත්තුවෙන් හිටියත් ඒ හීනය බොඳවෙන තත්වයක් ලු මේ වෙද්දී තියෙන්නේ.

මොකද, පොහොට්ටුවේ සහාය එකෙන්ම අරන් දෙන්නම් කියලා කියපු බොහෝ අය දැන් මඟහරින්න පටන් අරන් ලු. වෙන එකක් තියා වැඩේ ප්ලෑන් කරපු කට්ටිය පවා මඟහරින සීන් එකක් ලු මේ වෙද්දී තියෙන්නේ. එයාලා බලාපොරොත්තු වෙච්ච තරම් දෙයක් ලොක්කාගෙ පැත්තෙන් නොලැබුණු එක ලු හේතුව. ඊට අමතරව ජනතාවත් දැන් දැන් ආණ්ඩුව ගැන කළකිරීමෙන් ඉන්න නිසා මේකට කරගහන්න ඒ අයගෙ වැඩි උනන්දුවකුත් නෑ ලු.

ඒ විතරක් නෙවෙයි, අර මීගමු පැත්තේ හාදයාගෙ මූලිකත්වයෙන් හදන්න ගිය සන්ධානේ වැඩේ වුණත් දැන් එච්චර පිකප් එකක් නැති ලු. ඒ, මුලින් මුලින් එතනට සෙට් වෙච්ච කට්ටියත් දැන් මඟහරින නිසා ලු.

කොහොමින් කොහොමින් හරි ඔක්කොම ගොඩ කියලා හිතාගෙන පහුගිය ටිකේ හතර වටේටම පාට් දාගෙන ඉඳපු යූඑන්පී ලොක්කන්ට දැන් “මාර වැඩේ” ලු වෙලා තියෙන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...