ලක්විජයට චීන ඉංජිනේරුවන් බඳවාගන්නා බවට පැතිරන පුවත සාවද්‍යයි!

Date:

කොළඹ (LNW): නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන්ගේ සේවාව ලබාගැනීමට සූදානම් බවට සති අන්ත පුවත්පතක් සහ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණයවන ලිපිය අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශයක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

දැනට විදුලිබල මණ්ඩලයේ පවතින පුරප්පාඩුව සඳහා දේශීය ඉංජිනේරුවන් බඳවාගැනීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පවත්වා එම පිරිසෙන් සුදුසු ඉංජිනේරුවන් බඳවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින අතර සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වූ 400 ට වැඩි පිරිසක් අතරින් 19 දෙනෙකු තෝරාගෙන බඳවාගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

ඒ අනුව ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන් බඳවා ගන්නා බවට පලවන පුවත අසත්‍ය වන අතර පුරප්පාඩු සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ සේවය ලබාගැනීමට කටයුතු කරන බවත්, විදේශීය ඉංජිනේරුවන් බඳවා ගැනීම සඳහා අමාත්‍යංශය හෝ විදුලිබල මණ්ඩලය කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් හෝ අනුමැතියක් ලබාගෙන නොමැති බව දන්වා සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් දන්වා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...

අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: GEM CITY ජාත්‍යන්තර මැණික්...

ලබන පාරත් සජිත් එනවා !

කොළඹ LNW: ඊළඟ ජනාධිපතිවරණයටද තමන් ඉදිරිපත්වන බව විපක්ෂ නායක...

වී අලෙවි මණ්ඩලයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: මේ වනවිට තෙත වී...