අක්ෂි කාච ගැටලුව විසඳනවා – සෞඛ්‍ය අමාත්‍ය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නව අක්ෂි කාච මිලදී ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ද මේ වන විට ගෙන ඇති බවත්, ඉදිරි මාස එක හමාරක කාලය සඳහා ප්‍රමාණවත් අක්ෂි කාච සෞඛ්‍ය අමාත්‍යංශය සතුව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

වෛද්‍ය සැපයුම් අංශය සතුව අක්ෂි කාච නොමැති බවට පසුගිය දිනවල මාධ්‍ය මඟින් විවිධ ප්‍රචාරයන් ගෙනගියද, එවැනි තත්ත්වයක් නොමැති අතර වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතියේ ඇතිවූ අඩුපාඩුවක් මත තොග අවසන් වී ඇති බවට සඳහන් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ අතර කහ උණ සඳහා ලබාදෙන එන්නත් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ගෙනඒමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ කහ උණ සඳහා ලබාදෙන එන්නත් ලබාගැනීමට සැපයුම්කරුවෙකු නොමැති වීම හේතුවෙන් එම එන්නත් හිඟයක් නිර්මාණය වී ඇති බවය. එසේම යුනිසෙෆ් සංවිධානය සමඟ සාකච්ඡා කර කඩිනමින් එන්නත් තොගයක් ගෙන ඒමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කළේ, පවතින අක්ෂි කාච තොග ප්‍රමාණවත් පරිදි කළමනාකරණය කිරීමට රෝහල්වලට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ජනාධිපති නීතිඥවරුන් සිව් දෙනෙකු දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : නව ජනාධිපති නීතිඥවරුන්...

මහා ජන හඬේ සූදානම!(PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...

ඕස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි.

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව ප්‍රථම...

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පැල් රකිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග...