*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

ව්‍යාපාරවලට හිතකර වෙළඳාමට හිතෛශී ආර්ථික, සමාජීය වාතාවරණයක් නිර්මාණය කිරීම සමගි ජන බලවේගයේ අරමුණයි

සටහන – රුවන් නෙළුගොල්ල

නිදහස් ආර්ථිකය ව්‍යාපාර ශක්තිමත් කිරීමට අතිශයින්ම වැදගත් බවත් 70-77 යුගයේ අප රට සංවෘත වී සීමා පැනවී තිබූ රටක් බවත් ඒ අන්ත සමාජවාදී ආර්ථිකය තුළ වැහුණු රට ගැන මෙන්ම ලිංමැඩි සංකල්පය තුළ අප රටට සිදුවූ හානිය ගැන පොතපතින් හෝ කියවා දැන ගත හැකි බවත් මේ වැහුණු රට විවෘත කිරිම 1977 ආර්ථික විප්ලවය බවත් ඒ සමයේ විශාල වශයෙන් ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්, වෙළෙඳ ප්‍රජාව හොඳ ව්‍යාපාර ආරම්භ කළ බවත් මොවුන් විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ ලබන අය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම මේ විවෘත ආර්ථික ක්‍රමවේදය මානුෂීය ආකාරයෙන් රැකගත යුතු බවත් මේ විවෘත ආර්ථික ක්‍රමවේදයෙන් බැහැර ක්‍රමවේදයක් තවමත් අද වන තුරු ක්‍රියාත්මක වී නොමැති බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා ව්‍යාපාරවලට හිතකර ව්‍යාපාර වෙළඳාමට හිතෛශී ආර්ථික, සමාජීය වාතාවරණයක් නිර්මාණය කිරීම සමගි ජන බලවේගයේ අරමුණ බවත් දැනට ඇති ව්‍යාපාර ව්‍යාප්ත කිරීම මෙන්ම අමතර උත්තේජක ලබා දීම තුළ පුද්ගලික ව්‍යවසායකයත්වය ශක්තිමත් කිරිම තුළ රටේ ආර්ථිකය වර්ධනය කරන බවත් සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ කොළඹ නගරයේ ව්‍යාපාරිකයන් සමඟ පැවැති හමුවකදී ය.

ලෝකය අත්හදා බැලූ සාර්ථක වැඩපිළිවෙළක් ඇති බවත් මානුෂීය ධනවාදයත් සමාජ වෙළෙඳපොළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික දේශපාලන ක්‍රමයක් ක්‍රියාත්මක කර ව්‍යාපාරිකයන්ගේ ආදායම් හා ලාභ තවතවත් වර්ධනය කරන හිතකර පරිසරයක් ඇති කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

එකමුතුභාවය රටේ ශක්තියයි

එමෙන් ම රටක් ලෙස එකමුතුභාවය රටේ ප්‍රගතියේ ශක්තිය බවත් රටක සෞභාග්‍ය නිර්මාණය වන්නේ මේ ජාතික එකමුතුව තුළ බවත් ජාති ආගම් අතර ගැටුම් විවිධ කරුණු හේතු කර ගෙන සමාජයේ බෙදීම් ඇති වන විට එය රටේ ස්ථායීත්වයට බරපතල ගැටලුවක් බවත් වෙළෙඳාම වර්ධනය වීමට ඇති හොඳ ම ක්‍රමවේදය වන්නේ ජාතික එකමුතුව ශක්තිමත් කිරිම බවත් පැවසූ ඒ මහතා ප්‍රචණ්ඩත්වයෙන් තොර, යුක්තිය රජකරවන, හැමෝට ම එක හා සමානව නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළකට තමා මුල පුරන බවත් අවධාරණය කළේය.

වචනවලින් හරඹ කරන අයට වඩා සැබෑ ලෙස ම වැඩ කළ හැකි අය ඉන්නේ අපි සමඟයි

රණසිංහ ප්‍රේමදාස මහතා ව්‍යාපාර වර්ධනය කරන්නට දුන් අතහිතටත් වඩා වැඩි ශක්තියකින් සේවය කරන්න තමා කටයුතු කරන බවත් අමාරු අභියෝග හමුවේ මේ ප්‍රශ්නවලට විසදුම් පිළිතුරු සෙවීමට නම් දැනුම කේන්ද්‍ර කර ගෙන අලුත් විසඳුම් සැපයිය යුතු බවත් පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා නිවැරදි දර්ශනයක් සහිත කණ්ඩායමක් සිටිය යුතු බවත් වචනවලින් හරඹ කරන අයට වඩා සැබෑ ලෙස ම වැඩ කළ හැකි අය රටට අවශ්‍ය බවත් පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan