සටහන – රුවන් නෙළුගොල්ල
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අතර විශේෂ හමුවක් අද (11) කොළඹ දී සිදුවිය.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීම උදෙසා විධිමත්ව පත් කරන ලද අධිකරණ ක්‍රියාදාමයක් වෙනුවෙන් තමා උර දෙන බවත් අධිකරණ ක්‍රියාදාමය නැවත ප්රත්යක්ෂ කිරීමට කටයුතු කරන බවත් ඒ සදහා වන අදාළ නෛතික ක්‍රියාමාර්ග නිසි පරිදි ගන්නා බවත් කාදිනල් හිමියන් හමුවේ පොරොන්දු විය.
එසේම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන ලබා දීමටත් මෙහි මහමොළකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දීමටත් තමා කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දි වැඩිදුරටත් අවධාරණය කළේය.