*
Friday, September 20, 2024
spot_img

Latest Posts

කොච්චර ඡන්ද තිබ්බත් මේක තමයි ජනතාව පුනපුනා බලාගෙන ඉන්න මැතිවරණය – අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11, කොළඹ (LNW):

” තවදුරටත් ජාතික ජන බලවේගයේ වේදීකාවේ ඉන්න අපි කරන මැතිවරණ ව්‍යාපාරයක් නෙමෙයි. ඇත්තටම ගත්තොත් අපිටත් වැඩිය උවමනාවෙන් මේ මැතිවරණ ව්‍යාපාරය කරට අරගෙන ඉන්නේ මේ ඉදිරිපිට ඉන්න ඔබ.. ඔබ අතේ තමයි ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය පවතින්නේ. මහ ඡන්දෙන් පස්සේ පාර්ලිමේන්තුව පිරිසිදු වෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මැතිවරණය පැවැත්වෙන තෙක් දේශපාලඥයා නොව මහජනතාව බලා සිටිනවා” – අනුර කුමාර දිසානායක

කුරුණෑගල පැවැති ජන රැලියක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.

“අපේ රටේ ජනතාව තවදුරටත් රැවටීමේ දේශපාලනයක හිරකළ යුතු නැහැ. පව් කොච්චර කාලයක් රැවටුනාද? කොච්චර කාලයක් හොඳ ජීවිතයක් අපේක්ෂාවෙන් වැඩකළාද ? අපි ඔබට සහතිකයක් දෙන්නම්. ඔබ අපි කෙරෙහි තබන විශ්වාසය බිඳකින්වත් හානිවෙන්න ඉඩ නොදී වැඩකටයුතු කරන බව අපි ඔබට සහතික කරනවා. අපේ රටේ කොච්චර ඡන්ද තිබ්බත් මේක තමයි ජනතාව පුනපුනා බලාගෙන ඉන්න මැතිවරණය නැද්ද ? 21කත් කල් වැඩී වගේ හිත්නේ නැද්ද ? මොකද ඒ තරමට ජනතාවගේ උනන්දුව, උද්යෝගය අපේක්ෂාව ප්‍රබල වෙලා තිබෙනවා. මීට කලින් ඡන්දේ දින ගණින්නේ දේශපාලකයා, ඡන්දේ එනතුර බල බලා ඉන්නේ දේශපාලකයා, හැබැයි ලංකාවේ පළමු වතාවට දේශපාලකයා වෙනුවට ඡන්දේ එන තෙක් මැතිවරණය බලාගෙන ඉන්න මැතිවරණයක් තමයි සැප්තැම්බර් 21ක පවත් වන්නේ. තවදුරටත් ජාතික ජන බලවේගයේ වේදීකාවේ ඉන්න අපි කරන මැතිවරණ ව්‍යාපාරයක් නෙමෙයි. ඇත්තටම ගත්තොත් අපිටත් වැඩිය උවමනාවෙන් මේ මැතිවරණ ව්‍යාපාරය කරට අරගෙන ඉන්නේ මේ ඉදිරිපිට ඉන්න ඔබ.. ඔබ අතේ තමයි ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය පවතින්නේ. මහ ඡන්දෙන් පස්සේ පාර්ලිමේන්තුව පිරිසිදු වෙනවා. මිරිස් කුඩු ගේන, පාර්ලිමේන්තුවේ මයික් කඩන එහෙන් මෙහෙන් පොත්පත්වලින් ගහගන්න, පුටු කඩන.. සුද්ද කරන්න ඕනේ පාර්ලිමේන්තුවෙන් මේ රට හදන්න. ඒ නිසා මහ ඡන්දයෙන් මේ පාර්ලිමේන්තුවේ විශාල ප්‍රමාණයක් ගෙදර යවමු. ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් පුරවමු.” ලෙස හෙතෙම පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan