හිටපු රාජ්‍ය ඇමති වඩිවේල් සුරේෂ්ගෙන් FCIDය පැය 8ක් ප්‍රශ්න කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතාව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඊයේ (10) කැඳවා තිබිණි.

ඒ, ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.

“පෙත්සමක් ඇවිල්ලා තියෙනවා. ඒ පෙත්සම කවුරුහරි තරහාකාරයෙක් එවන්න ඇති කියලා තමා මට හිතෙනවා. ඒකෙ දාලා තියෙනවා මගේ දේපළ සම්බන්ධව, මම රට ගිය හැටි ගැන දාලා තියෙනවා. මම රට ගියේ රජයේ සල්ලිවලින් නෙවෙයි. වඩිවේල් සුරේෂ්ගේ අත් දෙකම පිරිසිදුයි. වඩිවේල් සුරේෂ් ඇවිල්ලා කවදාවත් කොමිස් අරන් නෑ, පගා අරන් නෑ, බෝතල් අරන් නෑ, බාර් නෑ, පෙට්‍රෝල් ෂෙඩ් නෑ, කුඩු විකුණලා නෑ, පාතාලයට සම්බන්ධ නෑ. එහෙම දෙයක් තිබ්බා නම් මාව වහාම ගෝල්ෆේස් එකට අරන් ගිහිල්ලා මාව වෙඩිතියලා දාන්න ඕනෙ.

LTTE කාලෙත් අපි පරිප්පු කෑවා, JVP කාලෙත් අපි පරිප්පු කෑවා වතුකරේ ජනතාව. මම කම්කරු රාජ්‍ය ඇමති හිටිය කාලෙ 1350ක් පඩිවලට ගැසට් කළා. ඒක තමා අද වෙනතුරුත් ලැබෙන්නෙ. නමුත් නෑ, නෑ අපට 2150ක් දෙන්න පුළුවන්, අපට ඡන්දෙ දෙන්න කියලා මේගොල්ලො වතුකරේ ගිහිල්ලා කිව්වා. 2150ක් ලැබෙයි කියලා අපෙ අහිංසක මිනිස්සු ඡන්දෙ දුන්නා. මමත් කැමති වුණා. මගේ ජනතාවට පොරොන්දු වෙච්ච ඒ 2150 දුන්නොත් මට ඇති. ඔය පාතාල ඔක්කොම අහුවෙනවා. ඒවා හොඳ වැඩ. ඒවාට මොකුත් ප්‍රශ්නයක් නෑ. හොරු අල්ලන්නත් අපි සහයෝගය දෙනවා. නමුත් අර රජයේ වාහන අරන් ගිහිල්ලා වල් කපනවා සමහර කට්ටිය, එයාලාට නීතිය කොහෙන්ද කියලා මම දන්නෙ නෑ”

වඩිවේල් සුරේෂ් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පැය 8ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව FCIDයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...