සජබ මන්ත්‍රී ප්‍රසාද් මාලිමා මන්ත්‍රීනී ලක්මාලිගෙන් සමාව ඉල්ලයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මැතිනියට පුද්ගලිකව අපහාස වන ලෙස හුවමාරු වන බව නිරීක්ෂණය වී ඇති බවත් එම ප්‍රකාශයෙන් එම මැතිනියට සිත් රිදවීමක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි.

ඒ මහතා සිය ෆේස්බුක් පිටුවෙහි මේ සම්බන්ධයෙන් පළකර ඇති සටහන පහතින් දැක්වේ.


ලක්මාලී සමාවෙන්න !!

ඊයේ දින (10) පාර්ලිමේන්තුවේදී මා විසින් කරන ලද ප්‍රකාශයක් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මැතිණියට පුද්ගලිකව අපහාස වන ලෙස හුවමාරු වූ බව මම නිරීක්ෂණය කළෙමි.

මම දේශපාලනය කරන්නේ සදාචාරාත්මක ප්‍රතිපත්තිමය තීන්දු තීරණ මතය. විරුද්ධ මත පළකරන අය සමඟ ගැටෙන්නේද ඒ ප්‍රතිපත්තිමය කරුණු මත පමණක්ය, කිසිවිටෙකත් පුද්ගලික කරුණු මත නොවේ.

අද පාර්ලිමේන්තුවේදී මගේ අදහස් දැක්වීමේ අවස්ථාවේදී, පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුගත නොවන ප්‍රශ්නයක් විමසීම හා මගේ කතාව අතරතුර මයික්‍රෆෝනය අක්‍රීය කිරීම නිසා ඇතිවූ ආවේගය මත මා විසින් ප්‍රකාශයක් සිදු කරන ලදී. එමගින් ලක්මාලි හේමචන්ද්‍ර මැතිණියට සිත් රිදවී ඇත්නම් ඒ පිළිබඳව මම කණගාටුවට පත්වන අතර මගේ හෘදයාංගම සමාව ද පළ කරමි.

ආදරණීය සමඟි ජන බලවේගයේ හිතවතුන්ගෙන් මම කාරුණිකව ඉල්ලා සිටින්නේ, මෙම ප්‍රකාශය පෞද්ගලික කරුණක් ලෙස නොව, ප්‍රතිපත්තිමය විවාදයක කොටසක් ලෙස සලකා බලන ලෙසයි.

~ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමරිගේ බල ඇණිය නම් කෙරේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW: කාන්තා ලෝක කුසලානය සඳහා...

පතායා සුවඳ ගන්වන ලංකාවේ ප්‍රවීන පිහාටුමල් හැකියාවන්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW: Amazing Thailand-Pattaya BWF World...

9/11 අමෙරිකානු ප්‍රහාරය සිදුවී අදට වසර 24ක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 9/11 ප්‍රහාරයේ 24...

නි. ඇමති අරුණ ජයසේකර නිසා පාර්ලිමේන්තුවේ එකම ගාලගෝට්ටියක්. සභාවත් කල් තියයි!

කොළඹ LNW: පාර්ලිමේන්තුව තුළ ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් විනාඩි...