ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරීන් හමු වූ ජනපති!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11 ,කොළඹ LNW :

අද (11) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්විණි.

වත්මන් රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ ගමන්මඟ මෙන්ම, ආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ කර ගන්නා ආකාරය සහ ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳ මෙහිදී පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඉලක්ක සහගත වීම සහ එම ඉලක්ක කරා ළඟා වන පරිදි ප්‍රතිපත්ති පෙළගැස්වීම මගින්, මෙරට ආර්ථික වර්ධනයට සහාය වීම, සමාජමය යහපැවැත්ම සහ පාරිසරික තිරසාරභාවය පෝෂණය කිරීම ආදියෙන් රට සමෘද්ධිමත් අනාගතයක් කරා රැගෙන යාමට දායක වන ලෙසද පැවසීය.

ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරී මණ්ඩලය විසින් මෙරට ආර්ථිකයට ඔවුන් ලබා දෙන දායකත්වය සහ ඒ සම්බන්ධයෙන් වන දැක්ම, ඉදිරි වැඩසටහන් සහ අයවැය යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රී, නියෝජ්‍ය උප සභාපති විනෝද් හයිද්‍රාමනි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...