රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11, කොළඹ LNW :
වියළි කාලගුණය හේතුවෙන් ජල මට්ටම පහත වැටී ඇති මහවැලි කලාපවල පිහිටි කුඩා වැව් ප්රතිසංස්කරණය කිරීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස මහවැලි අධිකාරිය ගොවි සංවිධානවලට දැනුම් දී තිබේ.
මෙම වැව්වල තැන්පත් වී ඇති රොන්මඩ සහ ජලජ ශාක ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා අධිකාරිය විසින් මේ වන විට උපරිම සහාය ලබා දෙමින් සිටින බව එහි අධ්යක්ෂ ජනරාල් එච්.එම්.ජේ.කේ. හේරත් මහතා ප්රකාශ කළේය.
මේ අතර, බෝවතැන්න ජලාශයේ ජල ධාරිතාව වැඩි කිරීම සඳහා වන ප්රතිසංස්කරණ කටයුතු අවසාන අදියරට පැමිණ ඇති බව ද මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ප්රධාන පෙළේ මහවැලි ජලාශයක් වන බෝවතැන්න ජලාශයේ රොන්මඩ ඉවත් කිරීමේ සහ ජල ධාරිතාව වැඩි කිරීමේ ව්යාපෘතිය පසුගිය මාසයේදී ආරම්භ කෙරිණි.


