හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද සිකුරාදා FCIDයට කැඳවයි

අද (11) දිනයේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම්දී ඇති බව වාර්තා වේ.

ඒ, ප්‍රශ්නගත මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ය.

මෙම විමර්ශනයට අදාළව හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ද ඊයේ දිනයේදී FCIDයට කැඳවා තිබූ අතර එහිදී ඔහුගෙන් පැය පහක පමණ කාලයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

මීටපෙර සිකුරාදා දිනයන්හි අල්ලස් කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි විමර්ශන ඒකකවලට කැඳවනු ලැබූ හිටපු දේශපාලනඥයින් බොහෝවිට අත්අඩංගුවට ගෙන, සවස් වරුවේ අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු ද දක්නට ලැබී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...