*
Monday, October 7, 2024
spot_img

Latest Posts

චැනල් 4 චෝදනා විමර්ශනයට කමිටුවක්. හිටපු නීතිපතිගේ ප්‍රකාශය විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

චැනල් 4 නාලිකාව විසින් පසුගියදා විකාශය කරන ලද ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන මගින් හෙළිදරව් කරන ලද තොරතුරු සහ එල්ල කරන ලද බරපතල චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින සියලු තොරතුරු පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කිරීමට ජනපති තීරණය කරයි

චැනල් 4 නාලිකාව විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක්.
හිටපු නීතිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය විමර්ශනය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්.

චැනල් 4 නාලිකාව විසින් පසුගියදා විකාශය කරන ලද ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන මගින් හෙළිදරව් කරන ලද තොරතුරු සහ එල්ල කරන ලද බරපතල චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට නියමිතය.

2019 වසරේ පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සත්‍යය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම සඳහා සාධනීය පියවරක් තබමින් ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කරේ.

විනාශකාරී පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු සිටින බවට චෝදනා කරමින් හිටපු නීතිපතිවරයෙකුද මෙ වැනිම ප්‍රකාශයක් කර ඇති බැවින් මෙම තත්ත්වය ඇවිලෙන ගින්නට පිදුරු දැමීම වැනි තත්ත්වයක් ඇති කර ඇත.

මෙම ගැටළු පුළුල් ලෙස අවධානයට ලක්කර කඩිනමින් විසඳීම සඳහා, මෙම කැළඹිලිසහගත ප්‍රකාශයන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට ද රජය අපේක්ෂා කරයි.

පවතින තත්ත්වයෙහි බරපතලකම අනුව දැනට පවතින සියලු තොරතුරු පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අමතරව ඉදිරියේදී නිකුත්වීමට නියමිත මෙම වාර්තා දෙක ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

නීති සම්පාදකයින්ට තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීම තුළින් නිවැරදි හා තීරණාත්මක ක්‍රියාමාර්ග සඳහා මග පෑදීම මෙම පුළුල් ක්‍රියාදාමයේ අරමුණයි.

2019 අප්‍රේල් මස 21 වැනිදා මුළු මහත් ජාතියම කැළඹීමට පත් කරමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මගින් සමස්ත ශ‍්‍රී ලාංකීය ජනතාවම ශෝකයේ ගිලී ගිය බව සිහිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.

පාස්කු ඉරුදින දේව මෙහෙයන්ට සහභාගී වෙමින් සිටි බැතිමතුන්ගෙන් පිරුණු කතෝලික දේවස්ථාන මෙන්ම සුඛෝපභෝගී හෝටල් ද ඉලක්ක කර ගනිමින් කොළඹ නගරය සහ ඒ අවට කේන්ද්‍ර කරගනිමින් දිවයිනේ ස්ථාන 08ක විනාශකාරී පිපිරීම් අටක් සිදු විය.

මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් අහිංසක ජීවිත 269ක් අහිමි වූ අතර පුද්ගලයන් 500කට ආසන්න පිරිසකට බරපතල තුවාල සිදුවිය.

මෙම ඛේදනීය සිදුවීමේ අහිතකර ප්‍රතිවිපාක සමඟ සමස්ත ජාතියම පොරබදිමින් සිටින අවස්ථාවක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති මෙම පියවර සත්‍යය හෙළිදරව් කිරීමට සහ බරපතල චෝදනා හමුවේ වගවීම සහතික කිරීමට ගත් තීරණාත්මක පියවරකි.

සත්‍ය සෙවීම සඳහා මෙම තීරණාත්මක විමර්ශනයන් සිදු කෙරෙන අතරම, වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමඛ රජයේ ප්‍රධාන අරමුණයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan