දුම්රිය වර්ජනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වෘත්තීය සමිති පවසන්නේ බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව , කොළඹ දුම්රිය පර්යන්තයේ දුම්රිය එන්ජින් ෂන්ටින් රියදුරන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කර තිබේ.

මෙම වර්ජනය හේතුවෙන් එම දුම්රිය අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත.

එමෙන්ම හෙට (12) දින දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය පවසයි.

එම සංගමය විසින් වර්ජනය සම්බන්ධයෙන් පාලන අධිකාරිය දැනුවත් කර ඇතැයි ද වාර්තා වේ.

එම සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇත්තේ , දැනට අනුමතව ඇති අමාත්‍ය මණ්ඩල තීරණ මත බඳවාගැනීමේ පරිපාටිය සංශෝධනය කරන ලෙසත්,  ඒ අනුව වසර 5කට ආසන්න කාලයක් ප්‍රමාද කර ඇති ශ්‍රේණි උසස්වීම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසත් ඉල්ලීම් කරමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...