ඥානසාර හිමි වරද පිළිගනී. ලක්ෂ 3ක් ගෙවන්න නියෝග !

Date:

කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් කඩාපැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබුණු නඩුවකට වරද පිළිගත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසකට පැමිණිලි පාර්ශ්වය වෙත රුපියල් ලක්ෂ 3ක මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර තිබේ.

ඒ එම නඩුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

2014 අප්‍රේල් 09 වනදා වටරැක විජිත හිමි විසින් කොළඹ නිපෝන් හෝටලයේ පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකට නීතිවිරෝධී ආකාරයෙන් ඇතුළු වී සාපරාධී බලහත්කාරය පෑම, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වීම ඇතුළු චෝදනා කිහිපයක් මත ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු 7 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

එහිදී ඥානසාර හිමි ඇතුළු විත්ති පාර්ශ්වය විවෘත අධිකරණයෙහි වරද පිළිගැනීමෙන් අනතුරුව මෙසේ දඬුවම් නියම කෙරුණු අතර අනෙකුත් චෝදනා සම්බන්ධයෙන් අවවාද කරමින් සමථ වීමට මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශ්වයට අවසර ලබාදී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...