*
Wednesday, September 18, 2024
spot_img

Latest Posts

ජනතාවට අවශ්‍ය නිදහස් හා සාධාරණ, සාමකාමී මැතිවරණයක්. අපි ඒ වෙනුවෙන් කැප වී සිටිනවා!

කොළඹ LNW:ජනතාව බලාපොරොත්තු වන්නේ නිදහස් හා සාධාරණ, සාමකාමී මැතිවරණයක් වන අතර දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපත් නිදහස්, සාධාරණ, සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් සඳහා පූර්ණව කැප වී සිටින බව ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අවධාරණය කරයි.

ඇතැම් අවස්ථාවල ජාතික ජන බලවේගය ඉලක්ක කරගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන බවට වාර්තා වී තිබෙන බවයි සෙනෙවිරත්න මහතා කියාසිටියේ.

”පසුගිය 30 වැනිදා තෙක් අපට වාර්තා වූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාංශයට පැමිණිලි කළා. ඒ පැමිණිලි පිළිබඳව සාධනීය පියවරක් ගනීවි යැයි අප බලාපොරොත්තු වෙනවා. මහජනතාව බලාපොරොත්තු වෙන්නේ නිදහස් හා සාධාරණ, සාමකාමී මැතිවරණයක්. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපත් නිදහස්, සාධාරණ, සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් සඳහා පූර්ණව කැප වී සිටිනවා. නමුත්, සමහර අවස්ථාවල දී ජාතික ජන බලවේගය ඉලක්ක කරගෙන ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වන බවට වාර්තා වී තිබෙනවා. ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකට ගොස් මේ විදියට තර්ජනය කර තිබුණා. රාජගිරියේ සහ මරදාන මුද්‍රණාල දෙකක ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයා ඉලක්ක කර ගනිමින්, මඩ පෝස්ටර් මුද්‍රණය වන බව අද උදයේ වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප සූදානමින් සිටිනවා.

ඒ වාගේම ගෙවී ගිය අවසන් දින හත තුළ සිදු වූ නීති විරෝධී ක්‍රියා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන්නම්. සැප්තැම්බර් 3 වැනිදා මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්ලබැද්ද කොට්ඨාසයේ තිබූ මැතිවරණ කාර්යාලයට ගිනි තබා, අලාභහානි සිදු කර තිබෙනවා. එදිනම නෝනාගම, උහපිටගොඩ ජාතික ජන බලවේගයේ කාර්යාලයේ ඉදිරිපිට තිබූ පතාකය කඩා රැගෙන ගොස් තිබෙනවා. සැප්තැම්බර් 07 වැනි දින හාරිස්පත්තුව, උගුරැස්සපිටිය කාර්යාලයටත්, ගම්පොළ, දැල්පිටිය කාර්යාලයටත් අලාභහානි සිදු කර තිබෙනවා. එදිනම බිබිල පොලිස් වසමේ ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයකුගේ නිවසට ගල් ගසා අලාභහානි සිදු කර තිබෙනවා. ඒ වාගේම සැප්තැම්බර් 08 වැනි දින නාත්තණ්ඩිය, ඉරණවිල ප්‍රදේශයේ කාර්යාලයට පහර දී තිබෙනවා. සැප්තැම්බර් 10 වැනි දින ගම්පොළ, අටබාගේ කාර්යාලයට පහර දී තිබෙනවා. එදිනම තිස්සමහාරාම, රන්මිණිතැන්න ප්‍රදේශයේ දී සමඟි ජන බලවේගයේ ආධාරකරුවන් විසින් ජාතික ජන බලවේගයේ ආධාරකරුවන්ට පහර දී තිබෙනවා.

මේ පැමිණිලි දෙස බැලූ විට අපට පැහැදිලි වන්නේ මැතිවරණය හා සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියාවල පැහැදිලි වර්ධනයක් තිබෙන බවයි. විශේෂයෙන් ම ජාතික ජන බලවේගය ඉලක්ක කරගෙන දියත් කරන ප්‍රචණ්ඩ ක්‍රියාවල වර්ධනයක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ සිටින අපගේ සම්පූර්ණ සහයෝගය මැතිවරණ ලේකම් කාර්යාලයටත්, පොලිසියටත් ලබා දෙනවා. නිදහස් සහ සාධාරණ වාගේම සාමකාමී මැතිවරණයක් පැවැත්වීම අප කාගේත් බලාපොරොත්තුවයි. මැතිවරණ කොමිෂන් සභාව ඒ බලාපොරොත්තුව ඉටු කරාවි යැයි අපේක්‍ෂා කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan