*
Wednesday, September 18, 2024
spot_img

Latest Posts

උතුර නිහඬයි, නිහඬ බවේ ගැඹුර වැඩියි – මහින්ද දේශප්‍රිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ (LNW):

ඉදිරි දින කිහිපය තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් කාලයේදී ගෙදර ගෑස් අවසන් වූයේ නම් එක ටැංකියක් රැගෙන යාම ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.

ප්‍රචාරක කටයුතු තහනම් කාලයේදී කිසියම් අයෙකු බයිසිකලයක ගෑස් සිලින්ඩරයක් බැඳගෙන රැගෙන ගියහොත් හෝ තරුවක්, මාලිමාවක් ප්‍රදර්ශනය කරමින් මාර්ගයේ ගමන් කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක්දැයි මාධ්‍යවේදියකු ප්‍රශ්න කර සිටියේය. එයට පිළිතුරු ලෙස ඔහු පැවසූවේ,

මැතිවරණ දිනයේදී තනි පුද්ගලයෙක් ඡන්ද ලකුණක් ප්‍රදර්ශනය කරමින් මාර්ගයේ ගමන් කිරීමට හැකි වූවත්, එවැනි සලකුණු ප්‍රදර්ශනය කරමින් කණ්ඩායමක් පෙළපාළියක් ලෙස ගමන් කරන්නේ නම් පොලිසියට තහනම් කිරීමේ හැකියාව පවතින බවයි. මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා එලෙස පැවසූවේ, කොළඹදී ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.

උතුරු පළාත සම්පූර්ණයෙන්ම මැතිවරණයක් නොපැවැත්වෙන තත්වයේ නිහඩතාවයක් පවතින බවත්, නිහඬ ජලාශයක ගැඹුර වැඩි බවත් ඔහු කීවේය.අනෙකුත් පළාත් වලින්ද බරපතල සිද්ධීන් වාර්තා නොවන බවද ඔහු කීවේය. ගෙයින් ගෙට යෑමේදී විශාල පිරිස් යන බවත්, එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවත් ඔහු පැවසීය.මෙවර ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රි 11 ට පමණ ලැබිය හැකි බවත් ඔහු පැවසීය.

ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් එල්ල කළ හැකි ප්‍රචණ්ඩ ක්‍රියාවක් කිරීමට මෙවර කිසිවෙකු උත්සාහ නොගන්නා බවද, එවැනි ක්‍රියාවක් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැති බවද ,ප්‍රචණ්ඩ ක්‍රියාවක් කිරීමට කිසිවකු උත්සාහ ගතහොත් රටේ ජනතාව ඉදිරියේ එම ප්‍රචණ්ඩත්වය වාෂ්ප වන බවත් ඔහු සඳහන් කළේය.මැතිවරණ වියදම් නියාමන පනත අනුව, කථිකයන් රැස්වීම්වලට පැමිණීමේ වියදම්ද ඇතුළත් කළ යුතු බවද හිටපු සභාපතිවරයා පැවසුවේය.

ඡන්දය නොදී සිටීම සහ ඡන්දය කුරුටු ගෑමෙන් සිදුවන්නේ අනෙක් ඡන්දය දෙන අයගේ මතය අනුමත කිරීමක් බවද ඔහු සඳහන් කළේය .ජනතාව දීමනා, වරප්‍රසාදවලට ඡන්දය නොදෙන බවද ඔහු කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan