බ්‍රික්ස් රටවලට ආරක්ෂාව පිළිබඳ තර්ජනයන්ට මුහුණ දීමට චීනයෙන් යෝජනාවක්

Date:

කොළඹ LNW:බ්‍රික්ස් රටවලට ආරක්ෂාව පිළිබඳ තර්ජනයන්ට මුහුණ දීම වෙනුවෙන් චීනය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

චීන ‍විදේශ අමාත්‍ය වන්ග් යී මහතා ඊයේ (11) ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැවති බ්‍රික්ස් රටවල ආරක්ෂාව පිළිබඳ උසස් පෙළේ නියෝජිතයන්ගේ 14 වැනි රැස්වීමට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.

ආරක්ෂාව පිළිබඳ තර්ජනයන්ට මුහුණ දීමේදී ප්‍රථමයෙන් ම සාමකාමී සහජීවනයෙන් රැඳී සිටිය යුතු බව වන්ග් යී මහතා පැවසුවා. සාමකාමී සහජීවනය පිළිබඳ පස්වැදෑරුම් මූලධර්මය ඉදිරිපත් කිරීමේ 70වැනි සංවත්සරය මෙම වසරට යෙදී ඇති අතර එය අනුගමනය කිරීමට බ්‍රික්ස් රටවල් පෙරටුගාමී කාර්යභාරයක් ඉටු කරමින් ස්වාධීනත්වය තහවුරු කර ඇති බව ඔහු සඳහන් කළා.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගෝලීය ආරක්ෂක මුලපිරුම බ්‍රික්ස් රටවල් සමග එක්ව, අනුගමනය කරමින් ආරක්ෂාව පිළිබඳ සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමට චීනය සූදානම් බව ද වන්ග් යී මහතා එහිදී පෙන්වා දී තිබෙනවා

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : ශ්‍රී ලංකා ගුවන්...

ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවෙස් වෙත යන්න එපා – NBRO ජනතාවගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආරක්ෂාව තහවුරු කරන තෙක් නැවත නිවෙස්වලට නොයන...

ආපදා මරණ 355ක් දක්වා වැඩි වෙයි. තවත් 366ක් අතුරුදහන්!

කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා...

ආපදා තත්ත්වය ගැන නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ...