මහින්දට කරපු වැඩේට අපිත් ගේමක් ගහනවා – දිලිප් වෙදආරච්චි

Date:

කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් කල් වාසය කරන ලද කොළඹ විජේරමේ නිල නිවසින් ඊයේ ඉවත් වූ අතර ඔහු යළි සිය කාල්ටන් නිවස වෙත ගියේය.

ඒ අනුව ඊයේ දිනයේදී උදෑසන කාලයේ දේශපාලකයින් මෙන්ම විදෙස් නියෝජිතයින්ද මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට විජේරාමේ නිල නිවස වෙත පැමිණි අතර එහිදී රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් සහය පළකර තිබුණි.

පිරිස අතර සිටි දේශපාලකයින් කිහිප දෙනෙක්ම මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණු අතර සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාද ඊයේ දින මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණ සිටියේය.

එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙදආරච්චි මහතා පැවසුවේ ”මහින්දට කරපු අසාධාරණයට මුළු ලෝකයම හිනා වෙනවා. අපි එකතු වෙලා ගේමක් ගහනවා. බලමුකෝ” යනුවෙනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICCPR නිසා අමාරුවේ වැටුණු ගම්මන්පිලට ලැබුණු තීන්දුව!

කොළඹ LNW: හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට...

රතන හිමි ඇප මත නිදහස් වෙද්දී ශෂීන්ද්‍ර තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි...

වසරේ මුල් මාස 06 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රු.බි.18 ක ලාභයක් ලබයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12 ,කොළඹ LNW : වසරේ...

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර විශේෂ හමුවක්!

viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී...