ආණ්ඩුවේ තර්ජනවලට අපි සැලෙන්නේ නැහැ – එදිරිමාන්න

Date:

කොළඹ LNW: ආණ්ඩුව ගෙන යන දේශපාලන තර්ජනය හමුවේ තමන් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරය කිසිසේත්ම නොසැලෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (12) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

බලපෑම් හමුවේ සැලීමට තරම් සිය දේශපාලන ව්‍යාපාරයේ අරමුණු සැහැල්ලු නැති බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන්නේත් බලය පවත්වාගෙන යන්නෙත් පැවති බෙදුම්වාදී ව්‍යාපාරයට ආශිර්වාද කළ කණ්ඩායම් සමඟ අප්‍රකාශිත යම් එකඟතාවක් මත බවද එදිරිමාන්න මහතා කියාසිටියේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස සම්බන්ධව ක්‍රියාත්මක වන නීතිය සම්මත වීමත් සමඟ එය තවත් ප්‍රකාශිත අවස්ථාවක් ලෙස දකින බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

මෙම තීන්දුව හරහා වර්තමාන පාලකයින් උත්සහ කළේ දේශපාලන තර්ජනයක් කිරීමට වුවද එවැනි දේශපාලන තර්ජනවලට තමන් නියෝජනය කරන දේශපාලන කඳවුර නොසැලෙන බව හෙතෙම අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...