Kandy Breeze Night Fest හෙට(13) සිට නව මුහුණුවරකින්….

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW :

මහනුවර නගරය වෙත දෙස් විදෙස් සංචාරකයින් ගෙන්වාගැනීම වෙනුවෙන් “මහනුවර නගරය ආලෝකමත් කරමු” – Kandy Breeze Night Fest වැඩසටහන සංවිධානය කර තිබේ. කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) , මහනුවර මහ නගර සභාව, කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, මහනුවර පොලීසිය, මගී ප්‍රවාහන සේවා අධිකාරිය , ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය  ඇතුලු ආයතන රැසක දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙහි නියමු වැඩසටහනක් පසුගිය  13, 20 සහ 27 යන තෙදින මහනුවර නගරය කෙන්ද්‍ර කරගනිමින් පැවැත් විණි. එම නියමු ව්‍යාපෘතියට අනුව ව්‍යාපාරික ස්ථාන පුළුල් කිරීම, රාත්‍රී වෙළඳ පොල පවත්වන වීදි, ආහාර ප්‍රමිතිය සහ ප්‍රවාහන පහසුකම් ආදිය තව දුරටත් සමාචෝලනය කරමින් හෙට(13) සිට අඛණ්ඩව රාත්‍රී වෙළඳපොළ පවත්වන බව ආණ්ඩුකාරවරයා පැවසීය.  හෙට සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 07.00 සිට රාත්‍රී 12.00 දක්වා මෙම රාත්‍රී වෙළදපොල මහනුවර දළඳා වීදිය සහ කොටුගොඩැල්ල වීදිය ආවරණය වන පරිදි මහනුවර නගරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති බව සඳහන් වේ.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...