ඔක්තෝබර් වෙද්දී ගල් අඟුරු නොගෙනාවොත් පැය 10 – 12ක විදුලි කප්පාදුවක් ඒවි – ඉංජිනේරුවන්

Date:

ඔක්තෝබර් 20 වනදා විට අවශ්‍ය ගල් අඟුරු නොරොච්චෝලේ බලාගාරය කරා ගෙන ඒමට නොහැකි වුවහොත් දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවිය හැකි බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා අනතුරු හඟවයි.

“මේ ගල් අඟුරු ප්‍රශ්නය අපි දිගින් දිගටම පැහැදිලි කළා හැකි ඉක්මනින් ගල් අඟුරු ගේන්න කියලා. පවතින ගල් අඟුරුවලින් අපට විදුලිය ජනනය කරන්න පුළුවන් ලබන ඔක්තෝබර් මාසේ 20 – 25 වගේ වෙනකල් පමණයි. ඉන් පසු විදුලිය ජනනය කරන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපට අලුතින් ගල් අඟුරු ගේන්න වෙනවා. ඒ සඳහා මේ වනවිට ගල් අඟුරු සමාගම විසින් ටෙන්ඩරයක් කැඳවලා තියෙනවා මෙට්‍රික් ටොන් මිලියන 4.5ක් සඳහා. මේ ටෙන්ඩරය ඉතා ඉක්මනින් ප්‍රදානය නොකළොත් අපට ගල් අඟුරු නියමිත කාලයට ගේන්න බැරිවෙනවා. ඔක්තෝබර් මාසේ 20 විතර වෙනකොටවත් මේ ගල් අඟුරු අපේ බලාගාරයේ තියෙන්න ඕනෙ. එහෙම නැතිවුණොත් අපේ නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍ර තුනම නවත්තන්න වෙනවා. එහෙම වුණොත් අපට මේ විදුලි ප්‍රමාණයම නැතිවෙනවා, එහෙම වුණොත් අපට මේ විදුලි ප්‍රමාණයම නිෂ්පාදනය කරන්න වෙනවා ජල විදුලියෙන් හෝ තෙල්වලින්. තෙල්වලින් නිෂ්පාදනය කරන්න තෙලුත් නැතිවුණොත්, මේ මොහොත වෙනකොට අපට ලැබෙමින් පවතින වර්ෂාවත් නොලැබුණොත් අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යන්න වෙනවා. සමහරවිට ඒක පැය 10 – 12 වගේ වෙන්නත් ඉඩ තියෙනවා”

අනිල් රංජිත් ඉඳුවර මහතා මේ බව පැවසුවේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් ඊයේ (11) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...