දැන් කටු ඇනිච්ච නංගිත් නෑ, චිත්‍ර ඇඳපු මල්ලිලාත් නෑ, ගොවියාගෙ අමුඩෙත් නෑ – විජයමුණි

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ භාෂාවෙන්ම කියන්නේ නම් අද වනවිට රුපියල චොප්ප චපිරි වී, හක්ක බොක්කට ගොස්, කුජීත වී ඇති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

“එක්කෙනෙක් නම් කිව්වා පහුගිය කාලෙ වැල්ලට එන්නෑ මල්ලි රැල්ලට බය නම් කියලා. ඌ සරම උස්සාගෙන මොකක්ද එන්න පෙන්න පෙන්නා දිව්වා, දැන් පීචං වෙලා. පව් ! අර බන්දුලගේ භාෂාවෙන් කියනවා නම් රුපියල චොප්ප චපිරි වෙලා, මොකක්ද කිව්වා හක්ක බොක්කට ගිහිල්ලා, කුජීත වෙලා. දැන් බන්දුලයාට පාචනේ හැදෙන්න ඕනෙ හරි නම්. රුපියල ඒ තරමට මස්තබාල්දු කරලා. ජීවත් වෙන්න විදියක් නෑ, බඩුමිල අහස උසට නැගලා. අද කටු ඇනිච්ච නංගිත් නෑ, චිත්‍ර ඇඳපු මල්ලිලාත් නෑ, ගොවියාගෙ අමුඩෙත් නෑ”

විජිත් විජයමුණි සොයිසා මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති සමගි ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...