නිවන ද ? කොමියුනිස්ට්වාදය ද ?

Date:

ලංකාවේ නූතන දේශපාලන පරිකල්පන මාදිලීන් දෙක දැන් තීරණාත්මක අවස්ථාවකට පැමිණි තිබේ. පළමුවැන්න 19වන ශතවර්ෂයේ බෞද්ධ ප්‍රබෝධය සමඟ වර්ධනය වූ දේශපාලන පරිකල්පනයයි. එහි අවසාන බුද්ධිමය අග්‍රඵලය ලෙස සැලකිය හැකි නලින් ද සිල්වා එම දේශපාලන පරිකල්පනයේ නිෂ්ඨාව පිළිබඳ අවසාන විනිෂ්චය ලබා දී ඇත. ඔහුට අනුව දේශපාලනයේ නිෂ්ඨාව විය යුත්තේ නිවන සාක්ෂාත් කරගැනීමයි.

දෙවැන්න 1930 ගණන්වල ආරම්භ වූ වාමාංශික දේශපාලනය සමඟ වර්ධනය වූ දේශපාලන පරිකල්පනයයි. එහි නිෂ්ඨාව වන්නේ කොමියුනිස්ට්තත්වය පිළිබඳ අදහසයි. ඒ අනුව දේශපාලන ක්‍රියාවේ නිෂ්ඨාව වන්නේ කොමියුනිස්ට් යනුවෙන් නම්කළ හැකි සාමූහික සමාජයක් ඇතිකර ගැනීමයි.

දැන් කළ යුතුවන්නේ මේ යෝජිත නිෂ්ඨාවන් දෙක කිරා මැන බැලීමයි. නිවන සාක්ෂාත් කරගැනීම පිළිබඳ යෝජනාවේ ගැටලු දෙකක් තිබේ. එක් නම් නිවන සාක්ෂාත් කරගැනීම යන්නෙන් සංයුක්තව අදහස් වන්නේ කුමක්දැයි පැහැදිළි කිරීමට නොහැකි වීමයි. මේ නිසාම එය සම්බන්ධ වී ඇත්තේ මනුෂ්‍යයාගේ ආගමික ජීවිතය සමඟයි. දෙවැන්න දැනට නිවන පිළිබඳ ඇති අර්ථකථන ඕනෑම එකක් අනුව නිවන සාක්ෂාත් කරගැනීම යනු සාමූහික කටයුත්තක් නොවේ.

ඊට වෙනස් ලෙස කොමියුනිස්ට්වාදය සංයුක්ත වශයෙන් පැහැදිළි කළ හැකිවාක් මෙන්ම එය සාක්ෂාත් කරගත හැක්කේ සාමූහිකවයි. දේශපාලනය යනු ආගමික නොවනවා මෙන්ම සාමූහික ක්‍රියාවකි.

~ නිර්මාල් රංජිත් දේවසිරි

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...