ක්‍රිකට්වලට විතරක් නෙවෙයි අනිත් ක්‍රීඩාවලටත් අවධානය දෙන්න – දසුන් මාධ්‍යයෙන් ඉල්ලයි

Date:

යම් පසුබෑමකට ලක් ව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වනවිට ඉතා ඉහළ ස්ථානයකට පැමිණ ඇති බවත්, ක්‍රිකට්වලින් පමණක් නොව අනෙකුත් ක්‍රීඩාවලින්ද ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීම අවශ්‍ය බවත් ආසියානු ශූරයන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ආසියානු කුසලාන අවසන් තරගය ජයගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එකම දිනයකදී ක්‍රිකට්වලින් මෙන්ම දැල්පන්දුවලින්ද ආසියාවේ ශූරයන් බවට පත්වීම සතුටට කරුණක් බවත්, කෙසේ නමුත් ක්‍රිකට්වලට තරම් අවධානයක් දැල්පන්දු ක්‍රීඩිකාවන්ට නොලැබුණු බවත් දසුන් පවසනවා. එනිසා ක්‍රිකට්වලට තිබෙන අවධානය අනෙකුත් ක්‍රීඩාවලටද ලැබිය යුතු බව ඔහු සදහන් කරනවා.

ශ්‍රී ලංකා නායකයා මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේ ක්‍රිකට්වලට මාධ්‍යයෙන් ලබාදෙන ඉඩ අනෙකුත් ක්‍රීඩා සඳහාද ලබාදෙන ලෙසයි. අනෙකුත් ක්‍රීඩාවලද දක්ෂයන් විශාල ප්‍රමාණයක් සිටින බවත්, මාධ්‍යයෙන් ඔවුන්ට ලබාදෙන ඉඩ ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කර ගැනීමට හේතුවක් වනු ඇති බවත් දසුන් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...