*
Friday, May 3, 2024
spot_img

Latest Posts

දමිතා බලන්න සජිත් මැගසින් යයි

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දමිතා අබේරත්න මහත්මියෙග් සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද උදෑසන මැගසින් බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා.

ගෝඨා ගෝ ගම අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිණියක වූ දමිතා අබේරත්න මහත්මිය, පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඇයව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකයා ප්‍රකාශ කළේ අරගලයට සම්බන්ධ කලාකරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, සිවිල් හා දේශපාලන ක්‍රියාකාරිකයන් දඩයම් කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරන බවයි. එය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකින් අපේක්ෂා කළ නොහැකි දෙයක් බවත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතු ආණ්ඩුවකට ජනතාවගේ අයිතිවාසිකම් කඩ කිරීමට ඉඩ නොතිබිය යුතු බවත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

දමිතා අබේරත්න මහ්තමිය ඇතුළු අත්අඩංගුවට ගෙන සිටින අරගල නායකයන් වහාම නිදහස් කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත්, ඔවුන් නිදහස් කර ගැනීම වෙනුවෙන් වූ අරගලයට තමා ඇතුළු සමගි ජන බලවේගයේ රටේ ජනතාව සමග එකට සිටගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan