මූල්‍ය පරිපාලන හොරුන්ට යනඑනමං නැතිවෙන හැඩ! (VIDEO)

Date:

රටක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වෙනස් විය යුතු නැති අතර එය වෙනස් වන්නේ නම් පාර්ලිමේන්තුව තුළ විනිවිදභාවයකින් සිදුවිය යුතු ආකාරය ගැන තීන්දුවක් ගැනීම සඳහා අධිකරණයේ සහය පැතීමට බලාපොරොත්තු වන බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ සහ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළහ.

ඒ අනුව මේ මොහොතේ රටේ මුදල් කළමනාකරණය වන ආකාරය, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හැසිරෙන ආකාරය,පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් නීත්‍යානුකූල ආකාරයට අභියෝග කිරීමට සූදානම් බවයි ඔවුන කියා සිටියේ.

එහෙයින් ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රටේ ඉදිරි ආර්ථික සැලැස්ම රටට හෙළිදරව් කළ තව ඇති බවයි මෙම මාධ්‍ය හමුවේදී කියවුණේ.

මේ වන විට පුද්ගලයන් සම්බන්ධයෙන් විශ්වාස කළ යුතු නැති අතර රටක් දියුණු වන්නේ ක්‍රමවේදයකට අනුව ගමන් කිරීම තුළ වන හෙයින් මහජනතාව ලෙස එම ක්‍රමවේද රට තුළ ස්ථාපිත කිරීමට බල කළ යුතුව ඇති බව ද මෙහිදී අවධාරණය කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...