ශ්‍රී ලංකාව පිහිටි භූ තල මායිමේ ඉදිරියේදී තවත් භූ කම්පන

Date:

සටහන – නදීක දයා බණ්ඩාර(මහනුවර)

ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු – ඕස්ට්‍රේලියානු භූ තල මායිම ආශ්‍රිතව ඉදිරියේදී තවත් විශාල භූ කම්පන සිදුවිය හැකි යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරයි.

මඩකලපුවට ඔබ්බෙන් කිලෝමීටර් තුන්සිය දහයක් (310)ක් දුරින් අද අලුයම 1.30ට පමණ සිදුවූ භූ කම්පනය හේතුවෙන් අවදානමක් මතු නොවුණත් නැගෙනහිර වෙරළාසන්නයේ මෙවැනි කම්පන සිදුවුවොත් සුනාමි අවදානම් මතුවිය හැකි යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
රික්ටර් දර්ශක 4.65ක අගයකින් යුතුව අද මඩකලපුවට ඔබ්බෙන් සිදුවූ භූ කම්පනයේ බලපෑම සම්බන්ධයෙන් කළ විමසුමට අදහස් දක්වමින් මහාචාර්ය අතුල සේනාරත්න මහතා මේ බව කීහ.

පළමු භූ කම්පනය වාර්තා වී ගෙවී ගිය මුල් පැය දහය තුළදී ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලයේ මෙන්ම ඉන්දුනීසියාව හා ජපානය අතර භූ තලයේ භූ කම්පන 08 ක් සිදුව තිබෙන බවත් මෙම කම්පන සියල්ල රික්ටර් දර්ශක අගය 04 ඉක්මවූ ඒවා බවත් මහාචාර්යවරයා කීවේය.
ශ්‍රී ලංකාව පිහිටා තිබෙන ඉන්දු – ඕස්ට්‍රේලියානු තලය මේ වනවිට භූ තල දෙකක් වශයෙන් දෙකඩ වෙමින් පවතින බවත් මේ හේතුවෙන් පෘථිවිය අභ්‍යන්තරයේ සිදුවන වෙනස් වීම් භූ කම්පන වාර්තා වීම ඉහළ යෑමට හේතු වී තිබෙන බවත් මහචාර්යවරයා තව දුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...